කාමාතුරයාට ගැසු වාරියපොළ තරුණිය උසාවියට

Published in පුවත්
Wednesday, 27 August 2014 13:01

වාරියපොළ බස්නැවතුම්පොළේදී  තමාට බැන වැදුණු තරුණයකුට  පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.

තමාට අසභ්‍යය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට පවසා ඇත.

ඇය එම පුද්ගලයාට පහර දෙන වීඩීයෝවක් ෆේස්බුක් වෙබ් අඩවියේ  පළ විමත් සමඟ මේ සිද්ධිය ලොව පුරාද පැතිර ගියේය.

තමා බස් නැවතුම්පොළේ සිටියදී  සිදු වු දේ එහි සිටි සිය ගණනක්  දුටු නමුත් කිසිවකුත් තම සහායට නොපැමිණි බව ඇය පවසන්නීය.

‘මිනිසුන් ඔහේ බලාගෙන හිටියා.කිසිම මාධ්‍යකින් මට සාධාරණය ඉෂ්ට වුණේ නෑ. කාන්තාවක්  දුෂණය කිරීමක් වුවත් වීඩියෝගත කිරීමට නම් මිනිසුන් ඉන්නවා .මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ'යි  ඇය අසන්නීය.

ඇගේ කටඋත්තරයක් ලියා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us