මිය ගිය දරුවා 36 වසරක්ම මව් කුසේ

Published in පුවත්
Monday, 25 August 2014 11:26

 වසර 36ක් කුස තුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දියා කත ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගියාය. වෛද්‍යවරු කියා ඇත්තේ දරු පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය අවදානම් බවය. ඒ හේතුවෙන් සැත්කමක් කළ යුතුයැයි ද ඇයට දන්වා තිබිණි. සැත්කමට බිය වූ ඇය රෝහලෙන් පලා ගියාය.  

පසුව ඇතිවූ උදරයේ වේදනාවට ඇය මාස ගණනක් වේදනා නාශක බීවාය. පසුව ඇය සිතුවේ තමන් සුවය ලබා ඇති බවයි. දරුවා බිහිවූයේ ද නැත. 60 වැනි වියට එළඹුණු ඇයට ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් ඇතිවූයෙන් යළි රෝහලට ගියාය.

ඇගේ උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් විය හැකි බවත් වෛද්‍යවරු කීහ.  එසේ වුව ද එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ තිබෙන බවයි. ඉන්දියාවේ නාග්පූර්හි එන්කේපී සෙල්ට් වෛද්‍ය විද්‍යා රෝහලේ දී ශල්‍යකර්මයකින් මේ කලලය ඉවත් කැරිණි.

ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවය. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ බෙල්ජියමේ දී ය. ඒ වසර 18ක් පුරා කලලයක් ගර්භාෂයෙන් පිටත තබාගෙන සිටීමෙනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us