කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ඒ බව සඳහන් කළාය.
කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය.
පසුගිය කාලයේ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් 17 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
ඉන් අනතුරුව කොළඹ ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත ගස් ගැන වඩ වඩාත් සැලකිලිමත් වූ අතර එම සිදුවීමත් සමග අනාරක්ෂිත ගස් සැලකිය යුතු ප්‍රමාණයක් කපා දමන ලදී.
-P.M