ආනයනික මස් නිෂ්පාදන තොගයක සූකර උණ වෛරසය

Published in පුවත්
Friday, 29 December 2023 09:59

චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

උත්සව සමයේ වෙළදපොළ ට නිකුත් කිරීම සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර ඇති බව සැලකෙන මෙම සොසේජස් සහ මස් තොගය රේගු සහ නිරෝධායන අංශය විසින් සොයා ගෙන තිබෙනවා.

පශූ පරීක්ෂණ ආයතනය විසින් එම සොසේජස් සහ මස් තොගයේ, අප්‍රිකානු ඌරු උණ වසන්ගත වෛරසය ඇති බව තහවුරු කළ බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටිනවා.

එහි සභාපති සිසිර පියසිරි සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us