අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන පැවසුවාය.
මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.
ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇති අතර සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.