දිවයින පුවත් පතෙහි පල වු ඉතා ජනප්‍රිය 'කිං බානට්' තීරු ලිපිය ඔහුගේ නිර්මාණයකි.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන , අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇති බව වාර්තාවේ.
මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.
හරිත් ගුණවර්ධන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද වේ.
ඔහුගේ මේ හදිසි නික්ම යෑම තවමත් අදහා ගැනීමට නොහැකි ඉතාමත් කණගාටුදායක පුවතකි.