එම ගින්න යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළෙඳසැලක් හා පාසල් බෑග් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
එමෙන්ම යාබඳ පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
මේවන විට විදුලිබල මණ්ඩලය විසින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇත. ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.
යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.