'ඌව දිනන්න නම් සජිත් ඕනෑමයි' - රනිල්ට බලපෑම්

Published in පුවත්
Sunday, 24 August 2014 20:46

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්කර ගැනීම අනිවාර්ය සාධකයක්  බැවින්, ඔහුට වහාම නියෝජ්‍ය නායකත්වය ලබා දී ඌව මැතිවරණය මෙහෙයුම් බාරදෙන ලෙස මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ඌව පළාතේ සංවිධායකයින් පිරිසක් එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

මේ අතර,  'මව්බිම' පුවත් පත අද වාර්තා කර ඇත්තේ,  එක්සත් ජාතික පක්‍ෂය මඟින් උෟව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරිපත් කළ නව වැඩපිළිවෙළ ලත් තැනම ලොප් වී තිබෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වය ලබාදීම හරහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබු බවද එහි සඳහන්වේ.

එහෙත් කරු ජයසූරිය, මංගල සමරවීර, රවි කරුණානායක සහ රුවන් විජයවර්ධන යන මන්ත්‍රිවරුන් මීට විරෝධය පළ කරමින්, උෟව පළාත් සභා මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර නොගෙන සිදු කළ යුතු බව බලපෑම් කර ඇතැයි එම පුවත් වාර්තාවේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us