ආදරය සම්බන්ධයෙන් වන පුරාණ ග්රීක දෙවියෙකු සිහිවීම සදහා එම ISIS යන නම යොදාගත් බව Ann Summers සමාගම පවසයි.මීට මාස 6 කට ඉහතදී මෙම නාමය යටතේ යට ඇදුම් වෙළද පලට හදුන්වා දී ඇති අතර ඒවා මේ වනවිට ජනප්රියව පවතින බව එම සමාගම කියයි.
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ මෙම ISIS යන නම යොදා ගැනීම නිසා ඉතා විශාල මුදලක් යොදා සිදුකළ යුතුව තිබු වෙළද නාම ප්රවර්ධනය ඉතා පහසුවෙන් මෙහිදී සිදුවී ඇති බවයි.
ISIS යනු ලොව සිටින දරුණුතම ත්රස්ත සංවිධානයක් වන අතර ඔවුන් ඉරාකය සහ සිරියාව ඉස්ලාමීය රාජ්ය බවට පත්කිරීමේ අරගලයක නිරතව සිටිති.Islamic State of Iraq and Syria යන්නෙන් ඔවුන් ISISයන නම සකසාගෙන තිබේ
(lfn.lk )