නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

Published in පුවත්
Tuesday, 05 December 2023 15:50

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.

පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.

මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබාහ් (Bonnie Horbach), ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සජානි කස්තුරිආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

9c8d423d fbee 4f4b af31 87a862800eeb

86d90b33 c3eb 4078 b56e 7b673c55534f

0

4

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us