ගණිකා ජාවාරමක් පිටුපස ඇමති සුමේධා !

Published in පුවත්
Saturday, 23 August 2014 11:58

පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී. ජයසේනට අයත් මන්තී‍්‍ර නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්‍යාපාරයක් කි‍්‍රයාත්මකය. කෝට්ටේ,මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ අංක  ඊ 02  දරණ නිවස අයත් වන්නේ ඇමතිවරියටය. එම නිවසේ ලිපිනයට පවරා ගත් බදු ඔප්පුවක් මඟින් ‘කැප්රින් මූන් රෙස්ට් ඉන් ’නමින් හෝටලයක් පවත්වා ගෙන යයි. එය පිහිටා ඇත්තේ කටුනායකය.

එම හෝටලය පසු ගිය ජූලි 12 වනදා සහ අගෝස්තු 03වනදා පොලීසිය විසින් වටලා ගණිකාවන් සහ හොර අරක්කු අත් අඩංගුවට ගෙන තිබේ.

 
මෙම ව්‍යාපාරය අයත් වන්නේ ඇමතිවරියගේ සහෝදරියගේ දියණියක වන හසංගී නවෝදනී වීරසේකර සහ අරුණ ශී‍්‍ර ධම්මික ජයවර්ධනටය. ඇමැතිවරියගේ හිටපු පුද්ගලික ආරක්ෂකයෙක් වන ධම්මික ජයවර්ධන, හසංගී නවෝදනී වීරසේකගේ ස්වාමි පුරුෂයාය. ඔවුන් විසින් කෑගල්ල, අලව්ව සහ මීගමුවේද මෙවැනි හෝටල් පවත්වාගෙන යයි.

සුමේධා ජී. ජයසේන ඇමති වරියෙකි. මොනරාගල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පැරැණිම මන්තී‍්‍රවරියද ඇයයි. පාර්ලිමේන්තු කටයුතු සොයා බැලීම  එතුමියගේ විෂය පථය වේ. මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ අංක බී 02 දරණ නිවසද  ඇමතිවරියගේ විෂය පථයට අයත් වනවා ඇත. එම නිවසේ නිල කාර්යයන් එතුමියට අයත් වුවත් නොවූවත් එහි වෙසෙන නිවැසියන් පවසන්නේ ‘ඇමැතිතුමිය’ඔවුන්ගේ ඥාතිවරියක් බවයි.

එම නිවසේ පදිංචිව සිටින්නේ දියුණුගේ හසංගී නවෝදනී වීරසේකරය. ඇය මන්තී‍්‍රවරියක් නොවේ. තමන් සුමේධා ඇමැතිනියගේ නංගිගේ දුව බව නවෝදනී පවසයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිවාස සංකීර්ණයේ නිවසක් ඇයට හිමිව ඇත්තේ එම බල පුළුවන්කාරකම නිසා විය යුතුය. එම බලපුළුවන්කාර කමට තවත් ඥාතිකම් ඇත.

හසංගී නවෝදනී විවාහ වී සිටින්නේ ජේ. එම්. අරුණ ශී‍්‍ර ධම්මික ජයවර්ධන සමඟය.  ඇමතිවරියකගේ නිල නොවන බොඩිගාඞ් කෙනෙකු ලෙසද ධම්මික වැඩ කර තිබේ. මන්තී‍්‍ර නිල නිවෙසක වෙසෙන්නට ඊටත් වඩා දේශපාලන සම්බන්ධකම්  නවෝදනීට සහ ධම්මිකට අවශ්‍ය නොවේ.

අරුණ ශී‍්‍ර ධම්මික බොඩිගාඞ් වැඩ කරනවාට අමතරව ව්‍යාපාරික කටයුතු වලද නිරත වේ. ඔහු තමන්ගේ ව්‍යාපාරය හිත මිතුරන්ට හඳුන්වා දෙන්නේ ‘බඩු බිස්නස්’එකක් කියාය. මේ ‘බඩු බිස්නස්’එක ඔවුන් පවත්වා ගෙන යන්නේ ‘කැපිරින් මූන් රෙස්ට් ඉන් ’නමිනි. එය කටුනායක හල්ගස් තොට, බේස්ලයින් පාරේ පිහිටා ඇත. මෙහි අයිතිය හා සියළු කළමණාකරණ කටයුතු මෙහෙය වන්නේ හසංගී නවෝදනීය.

‘කැපිරින් මූන් රෙස්ට් ඉන් ’හි පෙර අයිතිකරුවා විජේසුන්දර දිසානායකය. ඔහු එම ව්‍යාපාරය 2013 අගෝස්තු මස 08 වන දින සිට මාසයකට ලක්ෂ තුනක බදු මුදලකට යටත්ව හසංගනී නවෝදනීට පවරා ඇත.

මෙය ශී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ‘ඒ’ශ්‍රේණියේ හෝටලයකි. එහි දේශීය මත්පැන් සහ විදේශීය මත්පැන් තබාගැනීම සහ විකිණීම සිදු කරයි. කාමර සහ නවාතැන් පහසුකම්ද ඇත. හසංගනී නවෝදනී හෝටලය විජේසුන්දරගෙන් පවරා ගැනීමෙන් අනතුරුව උත්සවයක් පැවැත්වූවාය. ඒ අලූතින් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙනි. මෙම අලූත් ව්‍යාපාරය ආරම්භ කළේ පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී. ජයසේන හා දැයට කිරුළ ඇමති රංජිත් සියඹලාපිටිය විසිනි.

සංචාරක ව්‍යාපාරය ආණ්ඩුවේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ලෙස පාලකයෝ හඳුන්වති. ආණ්ඩුවේ හැම ඇමතියෙකුටම හෝටයක්ද ඇත. ඒ තමන්ගේ බිරිඳගේ හෝ ඥාති පරම්පරාවේ එකෙකුගේ නමින් විය හැකිය. එම ව්‍යාපාර රටේ නීතියට අනුකූලව පවත්වාගෙන යන්නේ නම් ඊට කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවේ. නමුත් බොහෝ ව්‍යාපාර දේශපාලන බලපුළුවන් කාරකම් මත අනීතිකව පවත්වාගෙන යයි.

‘කැපිරින් මූන් රෙස්ට් ඉන් ’ද එවැන්නකි. ඇමැති වරිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරප‍්‍රසාද යොදාගෙන නිවසක් අත් පත් කරගෙන එය සිය ඥාති දියණියට පවරා තිබේ. ඥාති දියණියගේ ස්වාමි පුරුෂයා ඇමැතිවරියගේ බොඩි ගාඞ්ය. මන්තී‍්‍ර නිල නිවස ඇමති දියණිය යොදා ගනු ලබන්නේ හෝටලයක් මිලදී ගැනීමටය. ඒ ව්‍යාපාරයේ බදු ඔප්පුව සඳහා මන්තී‍්‍ර නිල නිවසේ ලිපිනය යොදා ගනිමිනි. මෙහි ඇති අනීතික හා දූෂිත බව ඇමැතිවරිය නොදන්වායැයි කල්පනා කළ හැක්කේ ‘ගොනෙකු’ට පමණි. මෙම හෝටලයේ නීති විරෝධිව මත් පැන් විකුණයි. මත් පැන් බලපත‍්‍රයක් තිබුණද එය 2013 දෙසැම්බර් මාසයේ සිට අවංලගුය. හෝටලයේ ‘නයිට් ක්ලබ්’පවත්වාගෙන යයි. නමුත් ඒ සඳහා බලපත‍්‍රයක් නැත. මෙවැනි කෙලවරක් නැති දූෂිතකම් එහි කෙරේ.

‘කැපිරින් මූන් රෙස්ට් ඉන් ’හෝටලය ගණිකා නිවාසයකි. අරුණ ශී‍්‍ර ධම්මික ‘බඩු බිස්නස් කරනවා’කියූයේ එයටය. ඒ බවට කටුනායක සහ මීගමුව පොලීසිය සාක්ෂි දරණවා ඇත. පසුගිය ඇසල පෝය දවසේ  එනම් ජූලි 12 වැනිදා මීගමුව පොලිසිය ‘කැප්රින්’හෝටලය වැටලූවේය. ඒ පෝයදා අරක්කු විකුණනවායැයි ලැබුණු ඔත්තුවක් අනුවය. එතනදී බඩු මාට්ටු විය. ගණිකා සේවනයේ යෙදුනු පිරිස් පොලීසිය විසින් මීගමුව මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණි. නැවතත් මේ මස  තුන්වෙනිදා (අගෝස්තු 03* කටුනායක පොලීසිය විසින්ද වැටලීමක් සිදු කළේය. එහිදීද ගණිකාවන් අත් අඩංගුවට ගැණුනි. පුදුමය නම් මේ කිසිදු අවස්ථාවකදී හසංගී නවෝදනී විජේසකර හා අරුණ ශී‍්‍ර ධම්මික අත් අඩංගුවට ගන්නේ නැත. ගණිකාවන් අත් අඩංගුවට ගත්තද එය පවත්වාගෙන යන කළමණාකාරිත්වය අත් අඩංගුවට ගැනීමට පොලීසිය මැලිකමක් දක්වයි.

 අරුණ ශී‍්‍ර ධම්මික පාතාලේ මිනිසෙකි. ඔහුගේ ගම කෑගල්ලය. දැයට කිරුළ ඇමති රංජිත් සියඹලාපිටියගේ ගමද කෑගල්ලය. සමහර විට ඇමති සියඹලාපිටිය අරුණ ශී‍්‍ර ධම්මිකගේ හෝටලයේ විවෘතයට පැමිණියේ ගමේ කමට විය හැකිය. කැපිරින් හෝටලයේ බඩු බිස්නස් එක රට පුරාම කි‍්‍රයාත්මකය. කෑගල්ල නුවර පාරේ පි‍්‍රන්සස් හෝටලයද අරුණ, නවෝදනී යුවලට අයත්ය. හොර අරක්කු සහ ගණිකා ජාවාරම මෙහිද ජයටම කෙරේ. කෑගල්ල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු අංක 9857, ඊ 2451රැ11 සහ  ඊ 4135රැ12 යටතේ විභාග වන්නේ පි‍්‍රන්සස් හෝටලයේ හොර අරක්කු සහ ගණිකා ජාවාරම සම්බන්ධ නඩුය.

අලව්ව කොහොලාන පාරේ ඇති ‘ක්ලබ් ලව්’හෝටලයද එවැනි තිප්පොලකි. ඒ වගේම අරුණ ශී‍්‍ර ධම්මිකට බදුල්ල මහේස්ත‍්‍රාත් උසාවියෙන්  අවුරුදු 10කට අත්හිට වූ සිර දඩුවමක් නියම කර ඇත. ඒ අපරාධ නඩු අංක 97/2000 යටතේය. ගල්කටස්, බෝම්බ ලඟ තබා ගැනීමට ඔහු වරද කරු වී තිබේ.

 ඇමතිවරියගේ නිල නොවන හිටපු බොඩිගාඞ් සහ ඥාති පුත‍්‍රයාගේ එළියට පැන ඇති පැටිකිරියේ කුඩා කොටස මෙයයි.

(ලංකා)

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us