2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Published in පුවත්
Tuesday, 28 November 2023 11:34

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියහ.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ  ආදායම් ලබන රටක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් දිගුකාලීන ප්‍රතිසංස්කරණ රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී පැවසීය.

රට තුළ ආර්ථික  ස්ථාවරත්වය ඇති කිරීම සහ ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි අන්දමින් මෙරට ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමුඛ අරමුණක් බවත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සකච්ඡා කර වසර හතරක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා පැවසීය.

 රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම,රාජ්‍ය  යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීම යන යෝජනා හරහා මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිළි කෙරිණි.

මුදල් රාජ්‍ය  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද 2024 අය වැය යෝජනා සහ ඉන් රටට ලැබෙන කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ  කරුණු පැහැදිළි  කළේය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය  සුරේන් බටගොඩ, ජනාධිපති  වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක යන අය  ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us