මහ බැංකුවට පැන්න හොරු තාම නිදැල්ලේ

Published in පුවත්
Tuesday, 28 November 2023 13:40

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.



අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා සිටියේ, මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන බවය.

අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත් එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට අදාළ විමර්ශන කටයුතු අඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එම විමර්ශන අවසන් වූ වහාම සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු සභාවට දැනුම්දෙන බවත් කියා සිටියේය.

Last modified on Tuesday, 28 November 2023 20:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us