'මම තනිවෙලා' - ඇමැති මෛත්‍රිපාල

Published in පුවත්
Saturday, 23 August 2014 11:32

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්‌ ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්‌ ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්‌වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක්‌ක තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ" යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති උත්සවයකදී පැවැසීය.

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නව වකුගඩු හා පිළිකා ඒකකවලට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. පිළිකා ඒකකය සඳහා රුපියල් මිලියන 572 ක මුදලක්‌ ද වකුගඩු ඒකකයට රුපියල් මිලියන 850 ක මුදලක්‌ ද වෙන් කර ඇත.

මෙම උත්සවයේදී තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්‌. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්‌. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලුවා. මට සාකච්ඡාවක්‌ දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌ නෙවෙයි නේ. මේ වගේ අයත් එක්‌ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්න කාලයේ දැන් ගාල්ල දිසාපති වෙලා ඉන්න එවකට ගොවිජන සේවා කොමසාරිස්‌ ජනරාල් ධුරය දරපු රවීන්ද්‍ර හේවාවිතාරණ මහත්තයා දන්නවා කුඹුරකට ගියොත් වාහන පෝළිමක්‌ එක්‌ක නිලධාරීන් සිය ගණනක්‌ එනවා කියලා.

පස්‌සේ මම කීවා ජීප් වලින් එන විට වියදම වැඩි නිසා සියලු දෙනා සුඛෝපභෝගී බස්‌ රථයක්‌ අරගෙන එන්න කියලා. කරාපිටිය රෝහලේ අද දින මිලියන 1429 ක ව්‍යාපෘතිවල වැඩ පටන් ගත්තා. නමුත් මට කනගාටුවක්‌ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා නියෝජ්‍ය ජෙනරාල්ලා හා සෝල්ජර් කෙනෙක්‌වත් ආපු නැති එක ගැන. මම තනිවෙලා කියලා මට හිතෙනවා.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us