දෙදහස් තිස්දෙක වනවිට කුඩා විදුලි බලාගාර එකසිය අටක් ජලපෝෂිත තුළ ස්ථාපිත කෙරේ

Published in පුවත්
Friday, 22 August 2014 14:55
දිය ඇළි , ගංගා ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව  කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීමට  බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.
 
  මේ වනවිටත් ඇතම් විදුලි බලාගාර ඉදිකිරීම ආරමිභ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම  ගිං ගග ආශ‍්‍රිතව  ,ශ‍්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා, මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව , වී ඔය ,තුල කිසිදු පරිසර තක්සේරු වාර්ථාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්භාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාකරමින්  මේ වනවිට   විදුලි බලාගාර ඉදිකිරීමි ආරම්භ කර ඇත.
 
 අම්පනාගල, වේවතැන්න, කොම්බරාව ගග, සිතාවක ගග , කරගහ තැන්න, ඇල්ල හේන, රන්නොක් කන්ද,  උඩුවකන්ද, මලපොල , ඔහිය, මාලිබොඩ, බෙවරලි, ඇලගල් ඔය,පොතු පිටිය, සිංහරාජයේ එනසාල් වත්ත ,මුරුතැන් ඇල , සියඔලාගොඩ, පොතුපිටිය, ඇල්ටන් මින්න, උඩ වෙල , පහළ කොත්මලේ ඔය, කෙහේල් වත්ත , වී ඹය, එගොඩ වෙල , කෑගලූ ඔය, බුලත් වත්ත ,පහළ ලේ මස්තොට, කැමිපියන්, ඉංගිගිරිය, අඔගමුව, ලිනොන්, කුකුල් ඔය, හනුගල , මඩුවන්වෙල ,මීපිලිමාන, බටුවන්ගල , දඹුලූ ඔය, යට්මහන, බෙරමාන, කුඩාගල , සිරි ඔය, කඩවර, බබරබොටුව, දෙදුගල , බහරැන්ද, ලොග්ගල් ඔය, පතන, බෙරනාව, බටගොල්ල ,මොරගහ, හුළුගග ,කොළි ඔය, පූනා ඔය, ගංතුන, බොපේ කන්ද, ,කනමිබරාව, වේලේ ගම , ඉබිබන් ඔය, රිදීපාන, අලකොගල , පූනාගල , ඉහළ රතුගග , ගෝමළේ, මිනුමිකුඹුර, අංගරන්කන්දඇල , දොතල් ඔය, බඔරවාන, මහබගේ,  පලගොල්ල , බනමඩු ඔය, මා ඔය, කෙබිලිදොව, එලමල්දෙණිය, දේමොදර, කුඹුරුගොල්ල, හලගන් ඔය, බොරලන්ද , ලොග්ගල් ඔය, එනදු ඇල ,මීනගල ඇල , වින්සොර් කැළය, උමා ඔය ,නෙලූක්කාන, රුවන් කදුර, ඉහළ වොල්ටීරීමි, පහළ කුඹුර, මාපළාන, පලාබද්දල ,මහෝදොල , කෙහෙල්ගමු ඔය, ගිල මලේ රක්ෂිතය, මෙදේරිපිටිය සිංහරාජය, පාරමිබේ, කටරන් ඔය, ගොමිබරු ඔය, පහළ කොත්මහලේ, නෝර්වුඩු, බෝගාවෙල ඇල, අඔගහ කන්ද, පිහිඹියා ගහ මුල, මාන්න ඇල්ල ,කොස්වතු ගග, ඇළමුල්ල වැනි ජලමූලාශ‍්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධති රාශීයක් අශ‍්‍රීතව මෙම කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම් සිදුකරන අතර ජල මූලාශ‍්‍ර සිදී යාමට හා මධ්‍යම කදුකරය ,අතර මැදි කලාපය හා වියලි කලාපය තුල අනාගතයේ විශාල ජල අර්බුදයක් ඇති වීමට හා කදුකරයේ ජල පොෂිත සිදී යාමට මෙම ව්‍යාපෘති බලපානු ලබනුබව  නිසැකවම  දැනෙන්නේ රන්දෙණිගල, රන්ටැබේ, වැනි ජලාශ අශ‍්‍රිත දැනට උද්ගත වී ඇති තත්වය තුලින් නිසැකවම අවබෝධ කරගත හැකිය.
 
පෞද්ගලික සමාගමි 78 කට වැඩි ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාර 108 ඉදිකිරීමට ආයොජනය කර ඇති අතර පරිසර සංගම් කිහිපයක්ද මෙම ව්‍යාපෘති වල හවුල් කරුවන් සේ සිටින බවට තොරතුරු ලැබී ඇත.
 
මෙලෙස විදුලි නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට  විදුලිය විකිණිම මෙම සමාගමි 78  විසින් සිදු කරණු ලබන අතර ඉදකිරිමි සියල්ලම වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත ,ජාතික පාරිසරික පනත ඇතුළු පාරිසරික අනපනත් මෙන්ම සිවිල් නිතිද උල්ලංඝ කරමින් ඉදිකිරීමි කිරීම ආරම්භ කර ඇත.
 
කෙසේ වෙතත් මෙම විදුලි බලාගාර ඉදිකිරීමේදි නිසි අධ්‍යයනයන් කලයුතුව තිබුනද පරිසරය පිළිබද කිසිදු තැකීමක් නොකර තමතමන්ගේ බලශක්ති වෙළදාම වෙනුවෙනුවෙන් පරිසරයේ සියළු වටිනාකම් මෙම ව්‍යාපෘති හරහා සිදුකරන අතර පරිසර අමාත්‍යංශය ,මධ්‍යම පරිසර අධිකාරිය වෙනදා මෙන් පරිසිරය නසන මෙම පෞද්ගලික ආයතන සුරකමින් පරිසරය නසමින් සිටී.
 
දැනටමත්  ඉදකිරීම් ආරම්භ කර ඇති ඇතැමි විදුලි බලාගාර  ඉදිකිරිමට කරන පිපිරවිම් නිසා   ඉදිකිරිම් කරන සෑම ප‍්‍රදේශයක් පුරාම දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර එය ස්වබාදහම් සොදුරු දසුන් මෙන්ම සියළු වටිනාකමිද විනාශ කරන සංවර්ධන කටයුත්තක ලෙස පෙන්වාදිය හැකිය. 
 
ඉහළ ජලාධාර හා අනෙක් ජල මුලාශ‍්‍ර ආශ‍්‍රිතව කරන මෙම ඉදිකිරීම් නිසා මිරිදිය මත්ස්‍යන්ගේ බොවන් ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ පරිසර පද්ධතියේම ජෛව විවිධත්වයට බරපතල හානියක් සිදුකරන ක‍්‍රියාදාමයකි.
 
දැනට  කුඩා විදුලි බලාගාර ඉදිකිරිමි කෙරෙමින් පවතින ප‍්‍රදේශ  තුළගංඟා වියලිම හා වෙනස්වෙමින් සිදුවි තිබේ .මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපැමක් සිදුවන අතර හා ඇතැමි ජීවී විශේෂ වදවි යාමටද මෙම විදුලි බලාගාර හේතු වෙමින් පවතී ගංගා හා ජල මුලාශ‍්‍ර හරස් කෙට වේළි ඉදිකිරිම නිසා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුලින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහල ගොස් ජලජ ජීවීන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවිම තුලින් ජලය ආශි‍්‍රත ජීවත් වන දේශිය  මත්ස්‍ය විශේෂ හා ශාක විශේෂ වදවී යාම සිදුවේ. මේබවට අළුතින් ඉකරන සියළුම ඇළ වේළි සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.
 
රෙටි ශාක පද්ධතිය විනාශ කර දැමිමේ ප‍්‍රතිපලයක් ලෙස වසරින් වසර වර්ෂාව අඩු වී යාම නිසා ජලයේ සැළකිය යුතු අඩු විමක් පෙන්නුම කරන අතර මෙම  විදුලි බලාගාර ක‍්‍රයාත්මක වීම හා ඉදිකිරීම නිසා  මෙම තත්වය වඩා වර්ධනය වේ . මෙම විදුලි බලාගාර ඉදිකිරීම නිසා මධ්‍යම කදුකරය හා තෙත් කළාපයට වන හානිය සමස්ථ ශ‍්‍රී ලංකාවේ සත්ව හා ශාක ප‍්‍රජාවට මෙන්න සියළුම මිනිසුනටත් නොයෙක් අයුරින් බලපානු ලබයි.
 
අන්තර්ජාතික බලශක්ති එජන්සිය (IEA) සිය  පර්යේෂණ වලින්  පවා පෙන්වා දෙන්නේ කුඩා විදුලි බලාගාර ඉදිකිරීම පරිසරිය හා ජලය විනාශ කරන සාදකයක් ලෙසය . කුඩා විදුලි බලාගාර වලින් පරිසරයට ,මානව සමාජයට මෙන්ම එම රටවල ආර්ථිකයට ද දැඩිව හානි සදුවන බව පර්යේෂකන් විසින් පෙන්වාදී ඇත.  එයට හොදම උදාහරණ ලෙස ඊජිප්තුවේ අස්වාමි ව්‍යාපෘතිය  පෙන්වාදිය හැකි අතර ඉංදියාවට පවා විදුලි බලට ලබාදීමට හැකියැයි පවසමින් ආරමිබ කල වික්ටෝරියා ,රන්දෙණිගල, රන්ටැඹේ වැනි විදුලි ව්‍යාපෘති පෙන්වාදිය හැකිය. 
 
මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති අසාර්ථක වෙමින් පවතින මොහොතක කුඩා විදුලි බලාගාර  වලින්  විදුලි අර්බුදයට විසදුමි සෙවීම තරමි තවත් අනුවන ක‍්‍රියාවක් නොමැත.කුඩා විදුලි බලාගාර ඉදිකරමින් රටවල් පරිසරය හා ආර්ථිකය විනාශ කර ගත් බටහිර රටවල්  තම රටවලින් එවැනි විනාශකාරි ව්‍යාපෘති ඉවත් කරමින් සිටින මෙහොතක එම අතිදැකිමිවත් තුටිටුවකට මායිමි නොකර ආර්ථික වාසි ගැන පමණක් හිතමිනු එකිනෙකාට අවශ්‍ය පරිදි වටිනා පරිසරය විනාශ කිරීමට ඉඩ දී තිබේ.
 
තත්පර දාහතරක් තුළ සුර්‍යාගේ සිට පෘතුවි තලයට වැටෙන හිරු එළිය පිළිබඳ විශ්වාසය නොතබා මෙවන්  ජල විදුලි බලාගාර,ගල් අගුරු බලා ගාර වල බලශක්තිය ගැන විශ්වාසය තබන නායකයින්, පාලකයින් වෘත්තිකයින්, අධ්‍යාපන වේදීන්ගේ ද සහයෙන්  කුඩා ජල විදුලි බලාගාර 108 පමණක් නොව න්‍යෂ්ටික බලාගාර පවා ඉදිකිරිමට මේ වන විට  සැළසුමි  කරමින් සිටි.
 
මෙරට විකල්ප බලශක්ති ලෙස  උදමි රළ, සුළඟ, හිරු එළිය ප‍්‍රයෝජනයට ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී  ඒ පිලිබද කිසිදු තැකීමක් නොකර  විදුලි අර්බුදය පාරිසරික හා ආර්ථික අර්බුදයක් දක්වා  වර්ධනය කිරීමට  මෙවන් ව්‍යාපෘති  හේතුවනවා ඇත.
 
පරිසරයට හා මානවයාට අහිතකර නොවන බලශක්ති ප‍්‍රභවයන්ගෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඉඩකඩ තිබියදී  පාලකයන්ගේ හා සමාගම් වල ලාභය තකා පරිසරය හා මිනිසා  නැසීම කිසිදු  සමාජයක සිදු නොවිය යුතු උවත් අද දවසේ ලංකාව මුහුණ දී ඇත්තේ  මෙම අභාග්‍ය සම්පන්න ඉරණමටය.
 
 රවින්ද්‍ර කාරියවසම්
Last modified on Friday, 22 August 2014 15:07

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us