සහනාධාර ඉල්ලුම් කරන්නන්ගේ විශාල අඩුවක්.! නැති බැරි අය යොමුකරන්නැයි රජය ඇති හැකි අයගෙන් ඉල්ලයි.

Published in පුවත්
Monday, 03 October 2022 21:01

පවතින ආර්ථික අර්බුදය හමුවේ සහනාධාර අවශ්‍ය පිරිස් වෙත සහනාධාර ලබා දීම වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය මඟින් ක්‍රමවත් ඇඩ පිළිවෙලක් යොදා තිබුණද ඒ සඳහා බලාපොරොත්තු වූ තරමින් සහනාධාර අවශ්‍ය පිරිස් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වේ.

මේ සඳහා පසුගිය සැප්තැම්බර් 30 වන දිනය අවසන් දිනය ලෙස ප්‍රකාශට පත් කර තිබිණි. එතෙක් ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ ලක්ෂයකට ආසන්න පිරිසකි. එහෙත් රජය බලාපොරොත්තු වූයේ ලක්ෂ 39 ක ( මිලියන 3.9) ක පමණ පිරිසක් මේ සඳහා ඉල්ලුම් කරනු ඇති බවය.

මේ වන විට මහජන ආධාර වැඩ සටහන් යටතේ ප්‍රතිලාබ ලබන ප්‍රතිලාබීන් සහ එම පොරොත්තු ලේඛන වල සිටින පවුල් සහ පුද්ගලයෛන් ද, වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව රජයේ සුබසාධක ප්‍රතිලාබ අපේක්ෂා කරන සියලු පිරිස් මේ සඳහා ඉලක්ක කරගෙන තිබිණි. මෙම කාණ්ඩයට සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත සහ වකුගඩු රෝගී ජීවන ආධාර ලබන පිරිසද අයත්ය.

කෙසේ නමුත් ඉතා සුළු පිරිසක් මේ සඳහා ඉල්ලුම් කර තිබීම මත තවදුරටත් ඉල්ලුම් කිරීමේ දිනවකවානු දිර්ග කිරීමට රජය පියවර ගෙන තිබේ, මේ වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය 1919 දුරකතන මාර්ගයද හඳුන්වා දී තිබේ. එසේ නැතහොත් ප්‍රදේශයේ සමෘද්ධි නියාමක, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී.. යන නිලධාරීන්ගෙන් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලය මඟින් හෝ ඉල්ලුම් පත් යොමු කළ හැකිය.

මෙරට පුරවැසියන් කිසිවකුත් බඩගින්නෙ නොසිටිය යුතුය යන රාජ්‍ය ප්‍රතිපත්තිය මත රජය මෙම වැඩ සටහන දියත් කර තිබේ. එසේම රජය විසින් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා හිමිකම් ඇති පිරිස් මේ වෙත යොමුකරන ලෙසය.

තවමත් ප්‍රධාන ජනමාධ්‍යයන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ කන්න බොන්න නැති පිරිස් ගැන සඳහන් කරමින්, මන්දපෝෂණය ගැන, පාස් දරුවන්, ගැබිණි මව්වරු බඩගින්නේ සිටීම ගැන සඳහන් කරමින් පුවත් මවමින් භීතියක් වපුරණ නමුත් එම තත්වයන් මැඩලීම වෙනුවෙන් රජය ගෙන තිබෙන පියවර ගැන ප්‍රචාරයක් ලබාදීම හෝ ඒ වෙනුවෙන් පීඩාවට පත් ජනතාව යොමු කිරීමක් හෝ සිදු නොකරන තත්වයක් පෙනෙන්ට ද තිබේ.

පහත දැක්වෙන්නේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය පසුගිදා නිකුත් කර තිබු නිවේදනයය.

pressRelease sin copy

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us