රනිල් ගෙනාපු සිස්ටම් චේන්ජ් එක වැඩකරනවා. රනිල්ටවත් වංගු ගහන්න බැහැ. Featured

Published in පුවත්
Monday, 03 October 2022 22:03

මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරණ රජයේ මුදල් පිළිබද කාරක සභාව තීරණය කර ඇත.

බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටියේ නම් ආණ්ඩුව ඔ්නෑම දෙයක් කිරීමේ හැකියාවක් තිබුණු පාර්ලිමේන්තුව අද වෙනස් වී ඇත. පනතක් සම්මතයට ඡන්ද විමසීමට තබා ඒ පිළිබඳව විවාද කිරීමටත් දැන් පාර්ලිමේන්තුවේ කැමැත්ත ගැනීමට සිදුව තිබේ.

පාර්ලිමේන්තු ක්‍රමය වඩාත් ශක්තිමත් කළ යුතු බවත් එමගින් වඩාත් යහපත් පාලනයක් රටට ගෙන දිය හැකි බවටත් දිගින් දිගටම පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ විසිනි. විශේෂයෙන්ම කාරක සභා ක්‍රමය ශක්තිමත් කළ යුතු බව ඔහු පෙන්වා දී තිබු අතර ඒ සඳහා වන ක්‍රියාමාර්ගයන්ද ගැනීම මේ වන විට කටයුතු කර තිබේ. එහි සාර්ථක ප්‍රතිපල දැන් ලැබෙමින් තිබෙන බව අද වූ මෙම සිදුවීමෙන්ද පැහැදිලිය.

අගමැතිවරයා ලෙස පසුගිය ජුලි 06දා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය යළි බලගැන්වීම මඟින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු මහත් පාර්ලිමේන්තුවම ප්‍රතිපත්ති සම්පාදනයට සහ රාජ්‍ය පාලනයට දායක කර ගත හැකි බව ද පෙන්වා දී තිබිණි.

"..මේ ක්‍රමය යටතේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු මහත් පාර්ලිමේන්තුවම ප්‍රතිපත්ති සම්පාදනයට සහ රාජ්‍ය පාලනයට දායක වෙනවා. අපේ රටේ මේ දක්වා වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය ඔස්සේ සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. එකක් මතක තියාගන්න ඕන, නිදහස් අධ්‍යාපනය බිහි වුණේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ අධ්‍යාපන කාරක සභාවෙන්.

වර්තමානයේ අපි ඡන්ද කාලයේ දී පක්ෂ වශයෙන් බෙදෙනවා. පාර්ලිමේන්තුවට පැමිණියාට පස්සෙත් ඒ බෙදිල්ල තව තවත් වර්ධනය කර ගන්නවා. ආණ්ඩු අණ පනත් ගෙන එනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. රාජ්‍ය පාලනය කරගෙන යනවා. විපක්ෂය බොහෝ අවස්ථාවල දී ඒවාට විරුද්ධ වෙනවා. රාජ්‍ය පාලනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමට එක්වීමේ ඉඩකඩක් විපක්ෂයට නැහැ. මේ කමිටු ක්‍රමවේදයකදී රජයට සිදු වෙනවා තනි මතයෙන් බැහැර වෙලා පොදු මතයකට පැමිණීමට.

විවේචනයට සීමා නොවී විසඳුම් සෙවීමට දායක වීමට විපක්ෂයට සිදු වෙනවා. අද අපේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තුව තුළ වෙනසක් සිදු විය යුතුයි. කවුරු බලයේ සිටියත් කවුරු විපක්ෂයේ සිටියත් රට ගොඩනැගීමේ කාර්යයට මුළු පාර්ලිමේන්තුවම එක ලෙස සම්බන්ධ විය යුතුයි..." ඒ අනුව ඔහු කී ලෙසම ඔහු අපේක්ෂා කළ සිස්ටම් ඡේන්ජ් එක දැන් සිදුවෙමින් තිබේ.

අද දින රජයේ මුදල් පිළිබද කාරක සභාව ගත් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිවේදනය මෙසේය.

 

ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ....

--------------------------------------------------
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (04) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සදහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.

මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බවත් පැවසීය.

මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය. රටක ආර්ථික ප්‍රගමනය සදහා පවතින ප්‍රධානතම ආයතනයක් වන ආයෝජන මණ්ඩලය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද කාරක සභාව මෙහිදී පැවසීය.

මේ අනුව හෙට පෙ.ව 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්‍රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද පැවසීය.

මේ අතර හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සදහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

රාජ්‍ය අමාත්‍යයරුන් වන සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us