ආජන්ටිනාවට නම් IMFඩොලර් බි. 4ක් දුන්නා.. ලංකාවට ගන්න විපක්ෂය ඉඩ දෙයිද?

Published in පුවත්
Wednesday, 29 June 2022 13:23

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ අමෙරිකා ඩොලර් බිලියන 4.01ක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තා කර තිබිණි. අඛණ්ඩව කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බැවින් ආජන්ටිනාවට සහාය දැක්වීමට පියවර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී ආජන්ටිනා රජය එරට මහ බැංකුව සකස් කරනු ලැබූ ප්‍රතිපත්ති රාමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කිරීමට කටයුතු කිරීම සමඟ ආජන්ටිනාවට සහාය දැක්වීමට ඉදිරිපත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස 30 ක සැලසුමක් සහිත ඩොලර් බිලියන 44.5ක පැකේජයක් ලබා දුන් අතර, පසුගියදා අනුමත කරනු ලැබුවේ එහි පළමු වාරිකයය.

ආජන්ටිනා රජය රටෙහි පවතින වියවුල් තත්ත්වය නොතකා , අරමුදල් අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කර ඇති බැවින් මේ පියවර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කර තිබේ. මෙම මගින් ආර්ජන්ටිනාවට ගෙවුම් ශේෂය අර්බුදය සමනකර ගැනීමට සහය ලබා දෙන අතර එය රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම, නොනැසී පවතින ඉහළ උද්ධමනය මැඩපැවැත්වීම, සංචිත සමුච්චය ඉහළ නැංවීම සහ වඩාත් තිරසාර ආර්ථික වර්ධනය සඳහා පදනම සැකසීම සඳහා නිශ්චිත පියවරයන් ගනනාවක් සමඟ මෙම එකඟතාවයන් බැඳී ඇත.

කෙසේ නමුත් ඉදිරි වාරික ලැබෙනු ඇත්තේ ආජන්ටිනාව මෙම එකඟතාවයන් කඩ නොකර මුල්‍ය ප්‍රතිපත්තීන් සහ රටේ දේශපාලන ස්ථාවරත්වය යහපත් ලෙස පවත්වාගෙන යෑම සිදුවීම මතය.

වසර 1983 දී ආජන්ටිනාව එරට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් 13 වැනි ගිවිසුම මෙය වන අතර, මෙවර අනුමත කර ඇති ණය මුදල ආපසු ගෙවීමේ සහන කාලය වසර 2026 සිට 2034 දක්වා දීර්ඝ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ මුල්‍ය අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික සාකච්ඡා සිදුවෙමින් පවතී. එහිදී ද එම අරමුදල විසින් මෙරටින් ඉල්ලා ඇත්තේ මෙරට ආර්ථික ප්‍රතිපත්ති රාමුව සකස්කර ලබාදීම විය යුතු බවය. එසේම අඛණ්ඩව කාර්ය සාධන නිර්ණායක අනුව කටයුතු කළ යුතුය. ඒ අනුව එම තත්වයන් පිළිගැනීමෙන් පසුව අදාල ණය මුදල් ලබා දීමට අරමුදල කටයුතු කරනු ඇත.

මෙහිදී අනෙක් වැදගත්ම දේ රටේ දේශපාලන ස්ථාවරත්වය නිසි පරිදි පවත්වාගෙන යෑමය. රට තුළ කවර අවුල් වියවුල් සිදුවූවත් දේශපාලන අධිකාරිය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් දැනට සිදු කෙරෙන සාකච්ඡා වලින් පවා අරමුදල ඉවත් විය හැකිය. ආර්ජන්ටිනා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට එරෙහිව එදා එරට විපක්ෂය ද ජනතාව පාරට බස්සවා විශාල විනාශයකට අර ඇද්ද නමුත් රජය ඒ නොතකා කටයුතු කිරීමට සමත්වීම අද එරට ජනතාවට අර්බුදයෙන් ගැලවීමේ මාර්ගයක් පෑදී තිබේ.

කොහොම නමුත් මේ වන විටත් විපක්ෂ දේශපාලන පක්ෂ රටේ අර්බුද දඩමීමා කරගෙන පවතින පාලනය පෙරළා දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටී. රට මුහුණ දෙන ගැටලු ආණ්ඩු මාරුවකින් විසඳිය හැකි සරළ ප්‍රශ්නයක් නොවේ. මෙම බරපතල අර්බුදයකි. බංකොලෙත් භාවයට පත්ව තිබෙන රටක් යළි ගොඩනැගිය හැක්කේ රටම ඒ වෙනුවෙන් එකතුවන්නේ නම් පමණි.

එහෙත් ඇත්ත අභියෝගය නොසලකා විපක්ෂය හුදු පාර්ශ්වික වුවමණා එපාකම් මත අවස්ථාවාදීව කටයුතු කිරීමෙන් සිදුවිය හැක්කේ රටට මේ මොහොතේ ලැබෙමින් තිබෙන ජාත්‍යන්තර සහයෝගයත් අහිමිව රටත් ජනතාවත් සොහොනකට දැක්කීම පමණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us