ජූලි 22 දා තෙක් පෙට්‍රල් නැවක් එන්නේ නැහැලු. කැරලි ගැහුවොත් එයි ද?

Published in පුවත්
Wednesday, 29 June 2022 18:55

දැනට තහවුරු කර ඇති පරිදි මීළඟ පෙට්රල් නැව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන මස 22වැනිදා බව අනාවරණය වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමුවූ අවස්ථාවේදී

ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.
රටේ ඉන්ධනවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේ ජුලි 22 වැනි දින ප්‍රෙට්රල් තොගයක් දිවයිනට පැමිණිමට නියමිත බවය.

රජය ඉන්ධන නැව්ගත කිරීම් කල්තියා ලබා ගැනීමට ද උත්සාහ කරමින් සිටි නමුත් ඒවා තහවුරු කරන තුරු තොරතුරු නිකුත් නොකරන බවත් ඔහු මෙහිදි පැවැසීය.

එහෙත් ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවත්. එතෙක් ප්‍රෙට්රල් ලබාගැනීම අසීරු බව ද ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම ලබන 11 වැනිදා දක්වා ඩීසල් නැවක් ද නොපැමිණේ. ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පැවැසීය.

කෙසේ නමුත් මෙරට ඉන්ධන හිඟය වැලැක්වීම වෙනුවෙන් රජය මේ වන විට විදේශ රාජ්‍ය ගනනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටී. හිටපු දේශපාලන බලධාරීන්ගේ වැරදි ආර්ථික කළමණාකාරිත්වය සහ තෙල් සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනු මත මෙරට ඉන්ධන හිඟය උග්‍ර අතට පත්වීම කෙරෙහි මූලිකවම බලපෑ බව මේ වන විට හෙළිදරව් වී අවසන්. එහෙත් මේ නිසා රට ඇද වැටුණු තත්වයෙන් යළි ගොඩනැගීම අතිශය දුෂ්කර කාර්යයක් වී තිබේ.

විදේශ විනිමය නොමැති තත්වයන් හමුවේ ණය ආධාර යටතේ ඉන්ධන පමණක් නොව විදේශ ආනයනයන් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුව තිබේ. මේ තත්වයන් හමුවේ රටේ ජනතාව බරපතල පීඩාවන්ට ගොදුරුවීම අනිවාර්යයක් වන නමුත් ඒ විසඳීමට ගත හැකි ක්ෂණික පියවරයන්ද නොමැත.

විදේශ විනිමය ගැටලුව විසඳා ගන්නා තෙක් අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයකට රටම ගොදුරුවනු ඇත. මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක වී ඒම ණය මුදල් ලැබීමත් තව මාස කිහිපයක් ගතවෙනු ඇතැයි පැවැසේ. එහෙත් මේ වන විට රට හමුවේ විදේශ විනිමය ගැටළුව විසඳා ගැනීම වෙනුවෙන් තිබෙන එකම විකල්පය ඒ බවට පත්ව තිබේ.

කවර පාලකයෙක් කවර ආණ්ඩුවක් බලයේ සිටියද දැනට ඉතිරිව තිබෙන එකම කඩිනම් විසඳුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පමණි. ඇතැමුන් මාස 6 න් අවුරුද්දෙන් අර්බුද විසඳන බවට කටමැත දෙඩෙව්වද ඒ කිසිවකුත් හමුවේ වෙනත් විසඳුම් නැත.

මේ නිසා පවතින දුෂ්කරතා හමුවේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් රට ගිනි තියන්න, කැරලි ගහන්න කුරුමාණම් අල්ලන විපක්ෂ බලවේග වලින් ජනතාව පරිස්සම් විය යුතුය. මන්ද බලය ලබා ගන්නා තෙක් කියන සුන්දර කතාවන් බලය ලබා ගැනීමෙන් පසුව යථාර්ථයක් වීමට මේ මොහොතේ කිසිදු ඉඩක් මෙ රට තුළ නොමැති නිසා තව තවත් ජනතාව ආගාධයටම වැටීම හැර වෙන කිසිවක් සිදු නොවන නිසාය.

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us