රාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ වැඩ කිරීමට අවසර Featured

Published in පුවත්
Tuesday, 28 June 2022 13:46

රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයින්ට පෞද්ගලික අංශයේ, විශේෂයෙන් අපනයන හා අපනයනය ඉලක්ක කරගත් කෘෂිකාර්මික අංශවල සේවය කිරීමට අවසර දීම සඳහා නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍යාංශය කමිටුවක් පත් කර ඇති බව දැනගැනීමට ඇත.

ඒ අනුව රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයන්ට කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික අංශයේ වසර පහක කාලයක් සේවය කිරීමට අවසර දෙනු ලබයි. එහිදී මේ වන විට යෝජනා කර තිබෙන ලෙස පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් විසින් තෝරාගත් පුද්ගලයන්ට "තාවකාලික කම්කරු කොන්ත්‍රාත්තුවක්" පිරිනමනු ලබන උපරිම මාස 59ක් දක්වා වැටුප් රහිත නිවාඩු රජය විසින් ප්‍රදානය කිරීම සිදුවේ. තාවකාලික කම්කරු කොන්ත්‍රාත්තුවට මාස 59ක කොන්ත්‍රාත්තු කාලය ඇතුළත් කිරීමට යෝජනා කර ඇත්තේ 60 වැනි මාසය සම්පූර්ණ වූ පසු සේවකයා පාරිතෝෂිතය සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ රැකියාව අදාළ පෞද්ගලික අංශයේ සමාගම්වල නීති සහ ප්‍රඥප්තිවලට අනුකූල වන බැවිනි. මෙම කොන්ත්‍රාත් කාලය අවසානයේදී යළි රාජ්‍ය සේවය සඳහා එකතුවිය හැකිය.

කෙසේ නමුත් මෙම වැඩ පිළිවෙල මඟින් රාජ්‍ය අංශයේ අධික සේවක සංඛ්‍යාව අඩු කරගැනීමට හැකි වන අතර රජයේ වැ‍ටුප් දීමනා ආදියෙහි වැය බර අඩු කර ගැනීමට හැකියාව ලැබේ. මේ වන විට රාජ්‍ය බදු ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙනි. එය සාමාන්‍ය වශයෙන් සියයට 50 ඉක්මවන අතර පසුගිය වසර දෙක තුළදී රාජ්‍ය බදු ආදායම් අඩුවීම තුළ එය සියයට 86ක් පමණ විය. රාජ්‍ය ආදියම් වෙනත් රජයේ වියදම් වෙනුවෙන්ද වැයකිරීමට සිදුවීම මත පසුගිය මාස කිහිපයේදී වැටුප් ගෙවීම් වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීමට ද සිදුව තිබූ බව වාර්තා විය.

වර්තමානයෙහි රජය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ඒ වඩා යහපත් ලෙස කළමණාකරනය කරගැනීම වෙනුවෙන් මෙම යෝජනාව පළදායි වෙනු ඇත.

මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් , පළාත් සභා, සහ පළාත් පාලන M.M.P.K.මායාදුන්නේ පවසා සිටින්නෙ රජයේ අතිරික්ත සේවකයන්ට පමණක් නොව සියලූම රාජ්‍ය අංශ සේවකයන් සඳහා මෙම ක්‍රමවේදය අදාල කරගන්නෙ නම් රජය බලපොරොත්තු වන ඉලක්කයට යා හැකි බවය.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ නම් රාජ්‍ය අංශ සේවකයන්ට වැඩි වැටුප් ලබා ගැනීමේ අවස්ථා විවර වෙනු ඇත. එසේම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේහි සේවය කිරීමෙහි ඇති වෙනස්කම්, පහසුකම්, බාධක ආදිය ගැනත් රාජ්‍ය අංශ සේවකයන්ට අවබෝධයක් පුහුණුවක් ලැබීම මඟින් එහි ප්‍රතිලාබයන්ද රාජ්‍ය අංශයට ලැබා ගත හැකි වීම මෙම ක්‍රම්වේදයේ අමතර ප්‍රතිලාබයක් වෙනු ඇත.

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) අග්‍රාමාත්‍යවරයාට සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තුමේන්තුව යන ආයතන නීතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ බැවින්, ඔවුන් හැර ඕනෑම රජයේ සේවකයකු අපනයන අංශයේ රැකියා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබිය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us