ඉන්ධන අර්බුදය පිටුපස නිලධාරී මාෆියාවක් ! Featured

Published in පුවත්
Monday, 27 June 2022 20:15

මෙරට ඉන්ධන සැපයුම සිදුකරන සමාගම් වෙත ගෙවීමට තිබෙන මුදල් ගෙවීම සඳහා යම් සැලැසුමක් සකස් කර එම ගැටලුව විසැදීමට මහ බැංකු අධිපතිවරයා අද ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟවී ඇත.

ඉන්ධන ගැටලුවට කඩිනමින් විසදුම් සැපයිම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපතිවරයා අගමැතිවරයා හා තවත් මන්ත්‍රීවරු දස දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදි පවත්වා තිබිණි.

එහිදී වත්මන් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අද මෙරටට ඉන්ධන සැපයුම් කරන නියෝජිතයින් සියලු දෙනා ජනාධිපති මන්දීරයට කැදවා මෙම ගැටලු ගැන විමසා ඇත. මේ සඳහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇත.

ඒ් අනුව දැනට මහා භාණ්ඩාගාරය සතු විදේශ සංචිත සහ තෙල් සංස්ථාව සතු විදේශ මුදල් යොදවා කඩිනමින් ඉන්ධන ආනයනය කිරීමට තීරණය කර තිබේ.

පෙරේදා පැවැති සාකච්ඡාවේදී මෙරට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ඇති බාධක ගනනාවක් හඳුනාගෙන තිබුණු අතර ඒ් අනුව අද දින ඒ විසඳීමට ජනාධිපතිවරයා මැදිහත් වී තිබේ.

රට හමුවේ ඉන්ධන අර්බුදයක් උද්ගතව තිබියදිත් නිලධාරීන් තමන්ගේ බඩගෝස්තරය තකා කටයුතු කර ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ වැදගත් කරුණකි. විෂය භාර ඇමැතිවරයා පවා නොමඟ යවමින් මෙම කටයුතු සිදුව තිබේ.

එහිදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මේ වන විට සංස්ථාව සතුව ඇතත් ඉන්ධන සැපයුම්කරු නියමිත ලෙස ඉන්ධන සැපයීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම තරඟකාරී මිලගණන්වලට ඉන්ධන සැපයීමේදී අඩු මුදලකට ඉන්ධන සැපයීමට ඉදිරිපත් වන බොහෝමයක් සැපයුම්කරුවන්ට නිසි ලෙස ඉන්ධන සැපයීමේ හැකියාවක් නොමැති වුවත් එවැනි සැපයුම්කරුවන් වෙතම යොමු වී ඇති බව මෙහිදී අණාවරණය වී ඇත. පවතින ක්‍රමවේදයන්ට මුවාවී එම සැපයුම්කරුවන්ගෙන් ලැබෙන සංතෝසම් මත නිලධාරීන් මෙම සමාගම් වෙතම අදාල ඇණවුම් බාර දීම සිදු කරගෙන යෑම වත්මන් ඉන්ධන හිඟයට එක් හේතුවක් වී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකුව, මුදල් අමාත්‍යංශය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අදාල නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය සාධන බලකායක් පත් කර මෙරටට ඉන්ධන ගෙන ඒමේ වැඩපිළීවෙල සම්බන්ධයෙන් සියලු තොරතුරු සටහන් කරමින් නොකඩවා ඉන්ධන සාපයීමට උද්ගතව ඇති ගැටළු පිළිබඳ සොයා බැලීමක්ද සිදුවෙමින් පවතී.

අගමැතිවරයා විසින් පත්කළ කාර්යසාධන බලකාය මගින් සැපයුම්කරුවන්ගේ ප්‍රශ්න, ලිපිලේඛන ගැටළු ආදි සියළු තොරතුරු මේ වන විට රැස් කෙරෙමින් පවතින බවත්, ඒ අනුව අඛණ්ඩ ඉන්ධන සැපයුමට ඇති බාධා ඉවත් කර විනිවිදභාවයකින් යුක්ත ක්‍රමවේදයක් ඔස්සේ ඉන්ධන සැපයීම සිදුකිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විටත් අඛණ්ඩ ඉන්ධන සැපයීමේ වැඩපිළීවෙලක් සැකසීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා රුසියාවට ගොස් සාකච්ඡා පවත්වන අතර කාංචන විජේසේකර ඇමැතිවරයා කටාර් රාජ්‍යයේ බලශක්ති ඇමැතිවරයා සමග සාකච්ඡා පවත්වයි.

මේ අනුව ඉන්ධන සැපයුම පිළිබඳ ගැටලු ඉදිරි දින කිහිපය තුළ විසැදෙනු ඇති අතර අඛන්ඩව රටේ ඉල්ලුම සැපිරීමට හැකි වෙනු ඇත.

කෙසේ නමුත් මේ වන විට රට මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ දේශපාලන අධිකාරිය නිසි පිළියම් යොදමින් රට කඩා නොවැටී පවත්වාගෙන යෑමට වෙහෙසක් ගනිද්දී ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් ඊට ඇති අවස්ථා අවුරා ඇත.

වළ බොර කොට එහි මාළු බාන්නැයි කියන්නේ එවැනි කාලකන්ණි වැඩ වලටය. විශේෂයෙන්ම මේ දූෂිත නිලධාරීන්ගේ වෘත්තීය සමිති මාෆියාව වැඩ කරන්නේද එසේය. රජය නිවැරදි පියවරයන් ගත්තත්, ඒ සිදු කිරීමෙන් තමන්ගේ බඩගෝස්තරයට වදිනවා නම් ඒ කෙසේ හෝ කඩාකප්පල් කිරීමට අවශ්‍ය හේතූන් සොයාගැනීමට මේ අය සමත්ය.

විදුලි සහ බලශක්ති ක්ෂේත්‍රයේ මේ ගැටලුව උග්‍රය. අද ඉන්ධන පිළිබඳ අර්බුධය ඇතිවන්නේ දේශපාලන අධිකාරියේ ගැටලුවකට වඩා දූෂිත නිලධාරීන් ගහන ගේම් නිසාය. මේ නරක තත්වයන් වහා විසැඳිය යුතුය. අප හැමදාම දේශපාලකයන්ට බැන බැන සිටිනවා විනා මේ නිලධාරීන් කරන්නේ කුමක්ද කියා සොයා බැලුවේ නැත. එහෙත් වත්මන් අර්බුදය විසින් මේ නිලධාරීන් හෙළිදරව් වෙමින් තිබීම නම් අර්බුදයෙන් ලැබුණු යහපත් දෙයකි.

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us