කොළඹ වරාය නැ‍ඟෙනහිර පර්යන්තයත් ගොඩනැගේ

Published in පුවත්
Wednesday, 24 November 2021 14:25

 ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරාය නැ‍ඟෙනහිර බහළු පර්යන්තය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 14ක්, රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි ‍දොඹකර 40ක් සහ බහාළු ප්‍රවාහන වාහන 30ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2021 මාර්තු මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 06ක් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 12ක් සහ රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි ‍දොඹකර 40ක් සඳහා වන ප්‍රසම්පාදනය, චීනයේ ෂැන්හයි, ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම (Zhenhua heavy industry) වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරායේ ගැඹුරුම පර්යන්තයක් වන මෙම නැගෙනහිර පර්යන්තය පසුගිය යහපාලන යුගයේදී ඉන්දියාවේ අදානි සමගමට බදු දීම සඳහා තීරණය කෙරී තිබුණු අතර එම ගිවිසුම අනුව වත්මන් පාලනය යටතේද ඉදිරි කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී වරාය සේවකයන් සහ දේශප්‍රේමී සමාජ හා දේශපාලන කණ්ඩායම් එම තීරණයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යපාරයක් ගෙන යන ලදී. ඒ අනුව ආණ්ඩුව එම තීරණය ක්‍රියාත්මක කිරීම නවතා දමනු ලැබීය. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතුව තබා ගැනීමේ වැදගත්කම තේරුම් ගත් අණ්ඩුව අවසානයේදී අදානි සමගමට බටහිර පර්යන්තය ලබා දී ගනුදෙනුව බේරාගැනිමට සමත් විය.

බටහිර පර්යන්තය යනු තවමත් කුඩා ජැටියකට පමණක් සීමා වූ කිසිදු නාවික කටයුත්තක් සිදු නොවන ස්ථානයකි. නමුත් නැගෙනහිර ප්‍රර්යන්තය මීට පෙර ගොඩනගා සුළු පරිමාණයෙන් නාවික කටයුතු සිදුවූ නමුත් වරාය අධිකාරියට ආදායම් ගෙන දුන් ස්ථානයක්ව පැවැති අතර ඊට විශාල පරිමාණයේ දොඹකර සහිත පර්යන්තයක් කිරීම හරහා වැඩි ආදායමක් අත්පත්කර ගැනීමේ හැකියාව පැවැතිනි. ඒ අනුව මේ වන විට එම දොඹකර ලබා දීමට රජය තීරණ කර තිබීම නිසා තරගකාරීලෙස ඉතා වේගවත් සහ විශාල සේවයක් සැපයීමට හැකිවීම හරහා වරාය අධිකාරියට විශාල විදේශ විනිමය ආදායමක් රටට එකතුකර දීමේ හැකියාව අනාගතයේදී ලැබෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us