සෞඛ්‍ය වෘත්තිකයන් පනස්දාහක් අද – හෙට වර්ජනයේ  

Published in පුවත්
Wednesday, 24 November 2021 11:41

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා) දෙදින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට නියමිතය.

මෙම වැඩවර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන් පනස්දහසක් සහභාගිවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

අය වැය මගින් හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, එම සේවාවන්ගේ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කළ රණුක්ගේ කමිටු වාර්තාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම, විශේෂ රාජකාරි දීමනාව රුපියල් දසදහසක් දක්වා ඉහළ නොදැමීම ආදී කරුණු මෙම වර්ජනයට මුල් වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික හැසිරීමට එරෙහිව සහ එම ඉල්ලීම් 7 මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක්ද පැවැත්විණි.

එම ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඊට අදාළ රජයේ බලධාරීන් මෙතෙක් සාර්ථක සාකච්ඡාමය විසඳුම් ක්‍රියාවලියකට අවතීර්ණ වී නොමැති බවද හෙතෙම කිවේය. එමෙන්ම ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මාතෘ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් සිදුකෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us