තවත් මහා සංවර්ධන ව්‍යාපෘති රැසක් !

Published in පුවත්
Tuesday, 23 November 2021 21:01

මිල්ලෑව රැඳවුම් සහ විශෝදන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. එම ව්‍යාපෘතිය 2013 වසරේදී ආරම්භකර ඇති අතර එහි සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 32කි.

ඉදිකිරීමට නියමිත සම්පූර්ණ භූමියෙහි ප්‍රමාණය අක්කර 700ක් වන අතර එහි වැඩ කටයුතු අදියර හතරක් ඔස්සේ සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි අක්කර 200ක විශෝධන මධ්‍යස්ථානයක්, තවත් අක්කර 150ක ජාතික සංස්කෘතික ගැමි ගම්මානයක්, අක්කර 75ක විශ්ව විද්‍යාල ගම්මානයක් මෙන්ම ත්‍රිවධ හමුදාවට ආදාළ මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට නියමිතය.

මේ අතර නිවෙස් අහිමිවූ වතු කම්කරු ජනතාව සඳහා නවීන පහසුකම් සහිත නිවාස 55ක් ඉදිකිරීම හා එම ව්‍යාපෘතියට ප්‍රවිෂ්ට වන ප්‍රධාන මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩ සටහනේ සමාරම්භක උළෙල අද (23) පැවැත් විණි.

එම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, රජයක ප්‍රධාන කාර්යය විය යුත්තේ රටේ ජනතාව ආරක්ෂා
කිරීම බවත් බන්ධනාගාර වැඩි දියුණූ කරන්නේ ද රටේ ජනතාව වෙනුවෙන් බවත්ය.

"වත්මන් රජය භාරගන්නා විට බන්ධනාගාරගත සිරකරුවන් 33,000ක් පමණ සිටි නමුත් මේ වන විට එම ප්‍රමාණය 19,000ක් දක්වා අඩුකිරීමට කටයුතු කළා. සියලුදෙනා අතින් වැරදි සිදුවිය හැකි අතර රජයක් ලෙස කළ යුත්තේ වැරදි සිදුවූ පුද්ගයින් යළි එම වැරදි සිදුනොවන ලෙස පුනරුත්ථාපන කටයුතුවලට යොමුකරමින් එම වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුව යළි සමාජගත කිරීම. වර්තමානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇත්තේ සාමාන්‍ය පවුල්වල පුද්ගලයින්. හොරණ මිල්ලෑව ප්‍රදේශයට බන්ධනාගරයක් ගෙන ඒම තුළින් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ආර්ථිකමය වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් ප්‍රතිලාභ රාශියක් ලබාගත හැකිවෙනවා. යල්පැනගිය නීතිරීති සංශෝධනය කරමින් අධිකරණ පද්ධතියෙහි යටිතල පහසුකම් වැඩිදියුණූ කරමින් නව තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට හඳුන්වාදෙමින් සිදුකරනු ලබන්නේ ලොව දියුණූ රටවල මෙන් මෙරටෙහිද අධිකරණ පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමයි. එමගින් කාර්යක්ෂමව අධිකරණ කටයුතු නිමකිරීම තුළින් අවසානයේ මහජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරලීම," යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us