ගේන ටිකයි, තියෙන ටිකයි එකතු කළාම තව මාසයකට ඉන්ධන තියෙනවාලු.

Published in පුවත්
Wednesday, 17 November 2021 14:48

මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පැවසීය.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ මොහොතේ ඉන්ධන කඩිනමින් බෙදාහරිමින් සිටින අතර ගබඩා සතුවද ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"ඉන්ධන වල කිසිම අඩුවක් නෑ, ඒ නිසා නිකන් කලබලවෙලා ඉන්ධන පිරවුම්හල් වටලන්න එපා. මම බොහොම වගකීමෙන් කියනවා රටට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ අපේ ගබඩාවන්වල තියෙනවා. ඊට අමතරව මම මේ කතා කරන මේ මොහොතේත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටිනවා අපේ මුතුරාජවෙල. ඊට අමතරව හෙට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් අපි ගෙන්වා ගන්නවා. 19 වනදා නැවතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්න ගන්නවා. ඒ අනුව වගකීමෙන් කියනවා ඉන්ධනවල කිසිදු අඩුවක් නෑ.

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල්වලින් මිලදී ගන්නේ දවසකට හෝ දෙකකට අවශ්‍ය ඉන්ධන තොග. මේ මොහොතේ ඔක්කොම වටලලා ඕක ගහගත්ත ගමන් ඒගොල්ලෝ ඇනවුම් කරනතුරු ඉන්ධනවල පොඩි අඩුවීමක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල ඉන්නවා. ඇනවුම් කරපු ඒවයි, ගබඩාවල ඇති ඉන්ධනයි එකතු කරාම මාසෙකට වගේ ඉන්ධන තියෙනවා. සපුගස්කන්දෙන් අපි සියයට 5ක් 10ක් පමණ බෙදාහැරීම් කළා. සපුගස්කන්ද වැසීමත් සමඟ එම සියලුම බෙදාහැරීම් මේ මොහොතේ කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලට ගෙන්වාගෙන බෙදාහැරීම් කටයුතු සිදුකරනවා.

පෙට්‍රල් ෂෙඩ් එකකින් අපිට ඇනවුම් කළහොත් පැය 24 ක් ඇතුලත එම තොග බෙදාහැරීමට කටයුතු කරනවා ඒක අපේ වගකීමක්. ලෝඩ් දෙකක් බාන ෂෙඩ්වල මේ කලබලේත් එක්ක 4ක් 5ක් දානවා. ඉතින් ඒවා ඔක්කොම අපි ලබාදෙනවා කිසිම අඩුවීමකින් තොරව. ජනතාව නිකන් කලබල වෙලා තියෙන්නේ. පෙරේදා නැතිවෙනවා කිව්වා, ඊයේ නැතිවෙනවා කිව්වා, අද නැතිවෙනවා කිව්වා, කිසිම අඩුවීමක් නැතුව මේ වෙනකොට ඉන්ධන බෙදාහැරීම සිදුකරනවා."

 

දෙරණ

Last modified on Wednesday, 17 November 2021 14:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us