මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ - ජොන්ස්ටන්

Published in පුවත්
Tuesday, 16 November 2021 12:56

යම් යම් කණ්ඩායම් ලොකු තෙල් හිඟයක් එනවා කියලා ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා...යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.


ගරු කතානායකතුමනි,

විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙට ඇමතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරයි. කථානායකතුමනි, පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට නැහැ. අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලා පෝලිම් වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නොමැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කෙරුවා.

ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ. මීට ඉස්සෙල්ලත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා. මෙහෙම ප්‍රශ්න ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us