නව ප්‍රභේදය රටට ඇතුල්වීමේ අවදානමක්..එය බාරගැනීමට ජනතාව සූදානම්ද?

Published in පුවත්
Monday, 01 November 2021 12:20

මේ වන විට ලෝකයේ බොහෝ රටවල වාර්තා වී තිබෙන දැනට භාවිතා කරන එන්නත් වලටද ප්‍රතිචාර නොදක්වන A 30 ප්‍රභේදය මෙරටට ද ඇතුල් වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් ඉතා ව්‍යසනකාරී තැනකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ලොව මෙතෙක් වාර්තා වූ සියලුම කොවිඩ් ප්‍රභේද පාහේ මෙරටින් වාර්තා වූ හෙයින් මෙම නව ප්‍රභේදයද ඇතුල් නොවේවි යන්න අපේක්ෂා කළ නොහැකි බවයි උපුල් රෝහණ මහතා කියා සිටින්නේ.

රටට ඇතුල් වුවහොත් දැනට පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ තත්ත්වය මත එය ඉතා සිඝ්‍රයෙන් පැතිර යාමේ ඉඩක් පවතින බවද ඔහු සඳහන් කරයි.

”ලෝකයේ බොහෝ රටවල්වල නව කොවිඩ් 19 ප්‍රභේදයක් වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රභේදය අපි දැනට භාවිතා එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා දැනට අපේ එන්නත් ආවරණය ඉතා ඉහළ මට්ටමේ පවත්වාගෙන ගියත් මේ ප්‍රභේදය අපේ රට තුළට ඇතුල් වුණොත් ඉතාම ව්‍යසනකාරී තැනකට රට තල්ලු වෙලා යයි. විශේෂයෙන්ම අපි කියන්නේ මේ ප්‍රභේදය රට ඇතුළට ඇතුල් නොවෙයි කියල අපිට කිසිසේත්ම අපේක්ෂා කරන්න බැහැ. මේ වෙනකම් ලෝකයේ වාර්තා වුණ සියලුම ගණයේ ප්‍රභේද අපේ රටට ඉතාම කෙටි කලකින් ඇතුල් වුණා. ඒ නිසා මේකත් නොදුරු දිනයේදී අපේ රටට ඇතුල්වීමට නියමිතයි. ඇතුල් වුණහම රට තුළ මේ වෙද්දී පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ තත්ත්වය ඉතාම දුර්වල නිසා රට තුළ ඉතාම සිඝ්‍රයෙන් පැතිර යන්න පුළුවන්. පැතිර ගියොත් මේ එන්නත් ලබාගෙන එන්නත් මත යැපෙමින් කටයුතු කරන මහජනතාව ඉතාම අසීරු තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපට කළ හැකි සහ කළ යුතු එකම දේ සෞඛ්‍ය උපදෙස් ඉතාම දැඩිව පිළිපැදීම පමණයි. ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රභේද වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් මේ රෝගීන් වාර්තා වෙන්නේ එන්නත් ලබාගත් අයවලුන් අතරින් . ඒ නිසා ඔවුන් තුළ ගොඩනැගෙන වෛරස එන්නතට ප්‍රතිරෝධී වගේම ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් ඉදිරියේදීත් තියෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර ඖෂධ නිශ්පාදන, සැපයීම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ පිළිබඳ පවසා සිටින්නේ, '' මේක මාස කිහිපයකට ඉස්සර වෙලා අපට වාර්තා වූ දෙයක්. හැබැයි අලුත් සොයා ගැනීමක් කරලා තියෙනවා ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ඇතුළු ප්‍රධාන පෙළේ එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව මේ A.30 කයන ප්‍රභේදයට කඩන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ පිළිබඳව යුරෝප සහ අමරිකානු රටවල අවධානය යොමු කර තිබෙනවා. මොකද මේ ශීත සෘතුවේ A.30 ප්‍රභේදය පැතිරුණොත් ඔවුන් ලොකු අමාරුවක වැටෙනවා කියලා. මේ ගැන අපිත් අවධානයෙන් ඉන්නෙ.
දැන් කොවිඩ් සම්පූර්ණයෙන්ම අමතක කරලා වැඩේ හමාරයි කියල හිතලා වැඩ කරන්න ගියොත් නම් තව සති හතරකින් විතර අපට ඒකේ විපාක භුක්ති විඳින්න වෙනවා. '' යනුවෙනි.

මේ වන විට මෙරට එන්නත්කරණය ඉතා සාර්ථක මට්ටමකට පත් කර ගැනීමට රජය සමත්ව තිබීමත් ඒ අනුව රට සම්පූර්ණයෙන්ම විවෘත්ත කර සාමාන්‍ය පරිදි රටේ කටයුතු පවත්වාගෙන යෑමට තීන්දු කර තිබේ. එසේම අවධානම් තත්වය තව දුරටත් පවතින බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනතාව කටයුතු කළ යුතු බවද රජය අවධාරණය කරයි. ඒ කෙසේ නමුත් මේ වන විට පැහැදිලිව පෙන්නුම් කරමින් තිබෙන්නේ ජනතාවගෙන් විය යුතු වගකිම් සහගත බව ගිලිහී ඇති බවය. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා තැන තැන රංචු ගැසීම් බහුල වී තිබේ. උත්සව අවස්ථා බහුල වී තිබේ. මුව අවරණ පැළදීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අත්හරිමින් තිබේ. මේ අනුව ඕනෑම වෛරසයක් පැතිරීමට අවශ්‍ය පසුබිම යළි ජනතාව විසින්ම සකසමින් සිටින බව පැහැදිලි කරුණකි. එමෙන්ම යළිත් අසාදිතයන් වාර්ථාවීම යම් වැඩිවීමක් සිදුව ඇති බවත් බලධාරීන් පෙන්වා දෙයි. මේ වන විට ප්‍රාථමික පාසල් විවෘත කිරීමත් සමඟ අලුත් කොවිඩ් පොකුරු ඇතිවීමත් වාර්ථා වෙයි.

මේ තත්වය අනුව යම් ලෙසකින් A.30 නව කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වුවහොත් එය පැතිර යෑම වලක්වා ගැනීමට නොහැකි වනු ඇති අතර යළිත් මහා ඛේදවාචකයකට රටට මුහුණ දීමට සිදුවීම අනිවාර්යයකි. එවැනි තත්වයක් යටතේ පෙර සේ රාජ්‍ය පාලකයන්ට බැන බැන සිටීමෙන් පළක් නොවනු ඇත. මන්ද ඊට වගකිව යුත්තේ තම තමන්ම වන නිසාය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us