අයි.එස් වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 700ක් ගැන විමර්ශන !

Published in පුවත්
Tuesday, 02 November 2021 09:37

ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මෙම දුරකතන අංක 702 සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට භාරකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන එස්. සම්සුදීන් නමැත්තෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බවත්, එම සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමක සිටි ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස ඉන්දීය රජය ඉල්ලා ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අයි එස් අයි එස් සංවිධානයට අයත් වීඩියෝපට, හඩපට සහ ඉකුත් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන්ගේ දේශනාවන් මෙන්ම ඔහුගේ ඡායාරූප සහ හඬපට ද “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමේ හුවමාරු වී තිබූ බව ඉන්දීය බුද්ධි අංශ දැනුම් දී ඇතැයි දත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම ජංගම දුරකතනවල තිබූ එක් දුරකතනයක් ඔස්සේ කළ විමර්ශනයකදී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

එම වට්ස්අප් කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම සැකකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන් හා සම්බන්ධතා පවත්වමින් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවතම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us