කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ගුවන් හමුදාවෙන් !

Published in පුවත්
Monday, 25 October 2021 14:41

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සදහා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ආරම්භ කර තිබෙනවා.

මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මුල් අදියරේදී කාබනික පොහොර මෙට්‍රික් ටොන් 25 ක් පමණ නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව සැළසුම්කර තිබෙනවා. මෙලෙස නිෂ්පාදනය කරන කාබනික පොහොර ගුවන් හමුදාව පවත්වාගෙන යන කෘෂි ඒකක වල ප්‍රයෝජනය සදහා යොදා ගැනීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us