තවත් ෆයිසර් එන්නත් තුන්ලක්ෂ හාරදහසක් මෙරටට !

Published in පුවත්
Monday, 25 October 2021 12:53

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තුන්ලක්ෂ හාරදහසක් අද අලුයම මෙරටට ගෙන එනු ලැබුවා.

කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙන එන ලද මෙම එන්නත් තොගය ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණා. පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගිය බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කොරෝනා රෝගී තත්ත්වය 100%ක් පාලනය කර නොමැති අවස්ථාවකදී මහජනතාව අධික ලෙස එක්රැස්වීමෙන් සහ සංචාරය කිරීමෙන් නැවතත් රට තුළ බරපතල තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us