තෙල් මිල ඉහළ දැමීම ගැන කිසිදු තීරණයක් තවම ගෙන නැහැ - ගම්මන්පිල !

Published in පුවත්
Monday, 25 October 2021 10:30

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති අතර එයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කර ඇත.

ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වා තිබේ.

එහිදි ඉදිරි අයවැය පිළිබඳව මෙන්ම එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල ,

"එකම ප්‍රශ්නෙනේ හැමදාම අහන්නේ. අපට දෙන්න තියෙන්නේ උත්තරේ තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවක්ද නැත. ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත්කරගෙන, මුළු ලෝකයේම තෙල් මිල වැඩිකරලා තියෙද් දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිත් තේරෙන හින්දා.‍"

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්,

"ප්‍රධාන වශයෙන් ගොවිතැන ආශ්‍රිතව ඇතිවෙලා තියෙන ගැටලුව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පෙන්නුවා ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පටන්ගත්ත එකක් මේක නිලධාරීනේගේ අතපසුවීම මක කරගනන් බැරි වූ දෙයක් බව මේකේ අඩුපාඩුකම් ක්‍රමවේදයන්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් එතුමා ඒ ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අගය කරනවා. එකේ ක්‍රීයාකාරීත්වය ගැන මටත් අඩුපාඩුවක් තියෙනවා."

රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ, "ජනතාවගේ ඉතාම දරුණු ජීවන වියදම් තත්ත්වයක් තියෙනවා. ඒකට අයවැය සමග අපි අඩු ආදායම් ලාභී පුවුල්වලට සහන මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් තියෙනවා." යනුවෙනි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us