මංගල උත්සව සදහා අද සිට ලිහිල් වන නීති !

Published in පුවත්
Tuesday, 26 October 2021 09:06

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.

එමෙන්ම, එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත.

මංගල උත්සව සඳහා එම ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ පිරිස 100 දෙනෙකුට නොවැඩි විය යුතු බව සඳහන් වෙයි.

එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදී ඇත.

එහිදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමි නොවන බව දැක්වේ.

එමෙන්ම නිල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ එම රැස්වීම පවත්වන ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පිරිස 150කට නොවැඩි විය යුතුය.

එමෙන්ම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු නිරෝධායන සංචරණ සීමාවන් ද ඉවත්කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us