මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - හොඳ නරක විමසා තීරණ ගන්න...- ජනපති ගොවීන්ගෙන් ඉල්ලයි

Published in පුවත්
Saturday, 23 October 2021 16:30

“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය.

ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දිහා පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බව ද පැවසූ ජනාධිපතිවරයා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව ද පවසනු ලැබීය.

කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us