අද සිට පාසැල් ඇරඹේ ! නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නැහැ !

Published in පුවත්
Monday, 25 October 2021 09:25

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි අද සිට යළි ආරම්භ වනවා.

මේ අතර අද දිනයේ පාසල්වලට පැමිණෙන ළමුන්ට නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (24) සඳහන් කළා.

ඔහු සඳහන් කළේ වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් මේ වනවිට බොහෝ දරුවන්ට දැනට පවතින නිල ඇඳුම් භාවිතා කළ නොහැකි බවට වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව ලේකම්වරයා සඳහන් කර ඇත.

අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුව ද පාසල් අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ .

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us