16 – 19 වයස් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම සාර්ථකව ඉදිරියට !

Published in පුවත්
Saturday, 23 October 2021 15:03

වයස අවුරුදු 16 – 19 අතර වයස් කාණ්ඩවල සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීම තෝරාගත් මධ්‍යස්ථානවලදී සාර්ථකව සිදුවනවා.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ සෑම සෙනසුරාදා දිනකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සිසුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනට අනුවයි.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ද වයස අවුරුදු 16 ත් 19 ත් අතර පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා.

හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ එන්නත්කරණ වැඩසටහනට පාසල් 4 ක සිසු දරු දැරියන් එක්ව සිටියා.

කළුතර ධර්මපාල විද්‍යාලයේදී ද පාසල් සිසුන්ට එන්නත් ලබාදීම ආරම්භ කෙරුණා. සිසු සිසුවියන් 264 දෙනෙකුට එහිදි ෆයිසර් එන්නත ලබාදීමටයි කටයුතු කෙරුණේ.

මහනුවර මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සිසුන් 3800 කට ෆයිසර් එන්නත ලබාදීම හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේදී ආරම්භ වුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද එම කටයුතු නිරීක්ෂණයට එක්ව සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us