මාතරට නව කර්මාන්ත පුරයක්.  

Published in පුවත්
Thursday, 21 October 2021 13:59

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන කර්මාන්තපුර ගණන තවදුරටත් වැඩි කරමින් නව කර්මාන්තපුර කිහිපයක් පිහිටුවීමට ගෙන තිබෙන පියවර අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිකට් මණ්ඩල අනුමැතිය දී ඇත.

ප්‍රාදේශීය මට්ටමේ නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. දකුණු පළාත තුළ මෑත කාලයේ සිදු කරනු ලැබ ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්ට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ඉලක්ක කර ගත් නව සංවර්ධන කලාපයක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චාලිමවුන්ට්වත්ත/හල්ලලවත්ත කේන්ද්‍ර කර ගත් අක්කර 200ක ඉඩම් කොටසක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, එම ව්‍යාපෘතියට මෙන්ම එම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ඉඩම් කොටස්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අදාළ වතු යායේ ආර්ථිකමය වශයෙන් ඵලදායී වගා කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි කොටස්වලින් වෙන් කර ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32න් බස්නාහිර පළාත තුළ කර්මාන්තපුර 8 ක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒවායේ ධාරිතාව දැනට ඉක්මවා ඇති අතර නව කර්මාන්තකරුවන් 165කට වැඩි ප්‍රමාණයක්, නව රැකියා අවස්ථා 1500 ක් පමණ නිර්මාණය කරමින් නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාත තුළ ද කර්මාන්තපුර තුළ අවස්ථා ඉල්ලුම් කර ඇත.

නව කර්මාන්තපුර ඉදිකිරීම සඳහා හදුනාගෙන ඇති පාලින්දනුවර, මතුගම වැලිපැන්න, මතුගම නාරවිල යන ප්‍රදේශයන්ගේ ඉඩම් ඒ සඳහා යොදාගැනීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීම, ඉඩම් පවරා ගැනීම, යටිතල පහසුකම් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සිදුවෙමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us