නොවැම්බර් 01වනදායින් පසු බුස්ටර් එන්නතක් !

Published in පුවත්
Friday, 22 October 2021 13:55

තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් සහ ඉදිරිපෙළ අනෙකුත් සේවක කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර ගතවූ දිනයේ පුද්ගලයින් 150,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකර තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ පළමු මාත්‍රාව 79,732 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 72,228 දෙනෙකු සඳහාත් ඊයේ (21) දිනයේ ලබාදී ඇති බවය.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ ෆයිසර් එන්නත් මාත්‍රා 76,549ක් ලබාදී තිබේ.

ඒ අනුව මෙරට එන්නත්කරණය සිදුකර සම්පූර්ණ කර ඇති පිරිස 12,932,536ක් දක්වා ඉහළ ගොස් ඇත.

අවුරුදු 18 හා 19 වයස්වල පාසල් සිසුන් සඳහා දිවයින පුරා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණු අතර අද සිට වයස අවුරුදු 16න් ඉහළ සිසුන් සඳහා ද එම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us