ඉන්ධන ආනයන වියදම සියයට 42.5කින් ඉහළට. වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි  

Published in පුවත්
Thursday, 21 October 2021 13:26

ඉන්ධන සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංගවල ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2020 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 27.6 කින් ඉහළ ගොස් ඇති බව වාර්ථාවේ.

රෙදිපිළි හා රෙදිපිළි උපාංගවල ආනයනයන් ඉහළ යෑම වැඩිමනත් ඇඟළුම් කර්මාන්තායතන වෙත ලැබුණු ඇණවුම් ප්‍රමාණය ඉහළ යාම මත සිදුව ඇත. එහෙත් ඇඟළුම් කර්මාන්තය විසින් උපයනු ලැබු ආදායම් ඉහළ යෑමද වාර්ථා වී තිබිණි. පසුගිය 2020 අගෝස්තු මාසයට සාපේක්‍ෂව 2021 අගෝස්තු මාසයේදී වැඩිම අපනයන ආදායම ඇඟළුම් අංශයෙන් ලැබී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ.

පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොරතෙල් ආනයන පරිමාවන් පහළ ගිය ද ඒවායේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 42.5කින් ඉහළ ගියේය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත). මෙහිදී බොරතෙල් ආනයන වියදම 55.4 % කින් හා පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම 37.5%කින් අගෝස්තු මාසය තුළ දී වැඩි වී තිබේ.

බොරතෙල් බැරලයක් සඳහා වූ ආනයන වියදම, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් 47.74ට සාපේක්ෂව 2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88ක් විය.

මේ අතර වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 342 ක හිඟයට සාපේක්ෂව, 2021 වසරේ ‌අගෝස්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 586 ක් දක්වා පුළුල් විය.

2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත වෙළෙඳ ගිණුමේ හිඟය ද, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3,812ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 5,509ක් දක්වා පුළුල් විය.

මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය.

කෙසේ වෙතත්, පසුගිය 2020 වසරට සාපෙක්‍ෂව 2021 අගෝස්තු මාසය වනවිට ඩොලර් බිලියන 01 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය.

2021 වසරේ ජන -අගෝස්තු මාස අතර එළවළු සහ සුළු අපනයන බෝග වල අපනයනයන් ඩොලර් මිලියන 17 කින් පමණ කඩා වැටීමද කැපී පෙනෙයි. රසායනික පොහොර තහනම ඊට බලපෑවා විය හැකිය.

2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය.

2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි. තවද, 2021 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ මූලික අදියරේ විනිමය හුවමාරු වීම සිදු විය.

අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ අගෝස්තු මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු අතර, මාසය අවසානයේ දී විනිමය අනුපාතිකය මත යම් පීඩනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් රුපියල ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීමට සිදුවිය.

New Project 79New Project 78

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us