තෙල් නැහැ - වෘත්තිය සමිති.. තෙල් නැවක් ආවා - සභාපති  

Published in පුවත්
Thursday, 21 October 2021 09:24

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මෙම නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව ඇත.

පිරිපහදුවේ දැනට තිබෙන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 දක්වා පමණක් බව පෙන්වා දෙන වෘත්තිය සමිති බොර තෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වැනිදා බවද පවසයි.

සත්‍ය වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් ඇතැයිද , ඒ බව සැඟවීමට කෙතරම් උත්සාහ කළත් ඉදිරි දිනවලදී එය පැහැදිළිවම හෙළිවනු ඇති බවද ඛනිජ තෙල් වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටී.

පක්ෂ භේදයකින් තොරව රට ගැන සිතා මේ පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීමට වෘත්තිය සමිති කොතරම් උත්සාහ කළත් එය කළ හැක්කේ දින කීපයකට පමණක් බව වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පැවැසුවේය.

ඉදිරි දින කීපයේ ප්‍රමාණවත් තරම් බොරතෙල් නොමැති වීමෙන් සපුගස්කන්ද පිරිපහදුවේ වේගයද සීමා කර ඇතැයි වෘත්තිය සමිති සඳහන් කරයි.

ගෝලීය වශයෙන් මුහුණ දෙන මෙම අර්බුදයට ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ආණ්ඩුව වගකිව යුතු නැතැයිද පැවැසූ ඔහු අද බොරතෙල් නැවක් ගෙන්වන බවට තොරතුරු ලැබී ඇති බවද පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පිරිපහදු කළමනාකරුගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ දින දහයක් තිස්සේ තමන් නිඩාඩු ලබා නිවසේ සිටින බැවින් මේ පිළිබඳ දැනුවත් නැති බවය.

පැමිණෙන්නට තිබූ තෙල් නැව මෙතෙක් නොපැමිණි නිසා මේ වන විට කොළොන්නාවේ ගබඩාකර තිබූ ඩීසල් සහ පෙට්රල් අවසන්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල පැවැසුවේය.

මුතුරාජවෙල ගබඩාවේද තිබෙන්නේ පෙට්‍රල් පමණක් බව කී ඔහු බොරතෙල් ධාරිතාවද උපරිමයෙන් අඩුවී ඇතැයි පැවැසුවේය.

රටේ ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වල සහ ඩිපෝවල තිබෙන ඉන්ධන ප්‍රමාණය පමණක් බව කී ඔහු මේ තත්ත්වයට ලංකාවේ ඉන්දියන් ඔයිල් සමාගම මුහුණදී නැතැයිද පැවැසුවේය.

ඩොලර්වලට මාරු කිරීමට නොහැකිවූ නිසා සංස්ථාවේ රුපියල්වලින් මුදල් ඉතිරිව තිබෙන අතර සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට දැවැන්ත ණය මුදලක් ගෙවීමට ඇති නිසා බැංකුවලින් ඩොලර් ගැනීමට නොහැකිව ඇතැයිද පැවැසුවේය.

සංස්ථාවට ලබාදීමට භාණ්ඩාගාරය සතුවද ඩොලර් නැතැයි කී ඔහු මුදල් එකතු කර එක් ඉන්ධන නැවක් ගෙන්වද්දී රටේ බෙදාහැරීම අඩපණ වන බව කීවේය.

​මේ සම්බන්ධනේ අප ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන නැවක් ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ 21 වැනිදා වුවත් එය ඊට කලින් එනම් 20 වැනිදා (ඊයේ) පැමිණි බවය.

තෙල්වල ප්‍රශ්නයක් නැතැයි කී සභාපතිවරයා පසුගිය දිනවල පාරිභෝගිකයින් තෙල් වැඩිපුර ලබාගත් නිසා ඉන්ධන පරිභෝජනය ඉහළ ගිය බවද පැවැසුවේය.

 

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us