තවත් රැල්ලක් ? Delta plus

Published in පුවත්
Thursday, 21 October 2021 09:10

එක්සත් රාජධානිය තුළ පහුගිය කාලයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් සියයට අටක පමණ දෙනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ල්ස් ( Delta +) අනු ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බව කියවෙනවා. මෙම අනු ප්‍රභේදයේ දක්නට ලැබෙන ඇතැම් විකෘතීන් නිසා එයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇත්දැයි වහා පරීක්ෂණ කළ යුතු බවට ඇතැම් විශේෂඥයන් මත පළ කරනවා.

නව ප්‍රභේදය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විශේෂඥයින් පවසන්නේ මෙම නව අනු ප්‍රභේදය පැතිර යාමේ වේගය පැවැති ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි යැයි සැක හැර පැවසීමට මෙතෙක් ලැබී ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි. යම් හෙයකින් එසේ වැඩිවීමක් ඇත්නම් එය සියයට දහයක වැනි සාපේක්ෂව කුඩා වැඩි වීමක් විය හැකි බවටත්, දැනට ඇති දත්ත විශ්ලේෂණය කල ඇතැමෙක් අනාවැකි පලකරනවා. කොරෝනා මර්දන විධිවිධාන ලිහිල් කිරීමෙන් පසුව එක්සත් රාජධානිය තුළ ඇති වූ විශාලම කොවිඩ් රැල්ල මේ දිනවල දක්නට ලැබෙනවා. නමුත් මේ රැල්ලට ප්‍රධානම හේතුව මේ නව ප්‍රභේදයම දැයි කීමට තවමත් සාක්ෂි හමුවන්නේ නැහැ.

නව කොවිඩ් රැල්ල ඇති වීමට පෙර කී වෛරසයේ වෙනස් වීම් වලට වලට වඩා චර්යාමය සාධක බලපා ඇති බවට හිතන්නට පුළුවන්. රටක දිනකට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන යම් තරමකට අඩු වීමත් සමඟ රටක වැසියන් වසංගත පාලන විධිවිධාන පිළිබඳව අඩු අවධානයක් දක්වනු ලැබීම, කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වන බව බොහෝ රටවල් මේ වනවිට උදාහරණ සපයමින් තිබෙනවා.

පසුගිය කාලය තුළ කෝවිඩ් පැතිරීම බොහෝ දුරට පාලනය කර තිබූ සිංගප්පූරුව වැනි රටවල සෞඛ්‍ය පුරුදු සම්බන්ධ විධිවිධාන ලිහිල් කිරීමත් සමඟම ආසාදිතයන් වාර්තාවීම අධික ලෙස ඉහල යෑමක් දක්නට ලැබුණා. ඇතැම් රටවලට නැවත සංචරණ සීමා පැනවීම වැනි විධිවිධාන කරා යොමුවීමටත් පවා සිදු වුණා.

එන්නත්කරණය මගින් රෝගය වැළඳෙන පුද්ගලයන් අසාධ්‍ය වීමට හෝ මරණයට ලක් වීමට ඇති ප්‍රවණතාව ඉතාමත්ම පැහැදිළිව අවම කරනවා. එනමුත් පුද්ගල චර්යාමය සාධක මත කොවිඩ් පැතිරෙන අවස්ථාවන් ඉතා බහුල වීම නිසා ඉහළ එන්නත් ආවරණයක් සහිත රටක වුවත් වුවත් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් වැඩි වෙන්නට පුළුවන්.එන්නතේ ප්‍රතිලාභයක් ලෙස ප්‍රතිශතය අඩු වුවත්, ආසාදිතයන් ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමේ දී වැඩි වැඩියෙන් මරණ හා අසාධ්‍ය වී දකින්නට සිදු වෙනවා.

දැනට මෙම ගෝලීය වසංගත තත්වය හොඳින් පාලනය කරගෙන තිබෙන රටවල ඉහළ එන්නත් ආවරණයක් තිබීම නිරීක්ෂණය කරන්න පුලුවන්. එම රටවල මෑතක දී දක්නට ලැබුණු කොවිඩ් රැල්ලේ දී අසාධ්‍ය වූ හා මියගිය ගණන, මින් පෙර එම ප්‍රමාණයටම රෝගීන් දක්නට ලැබුණු අවස්ථාවල සිදුවූ මරණ හා අසාධ්‍ය වීම් වලට වඩා බොහොමයක් අඩුයි. එය සාධනීය කරුණක්. නමුත් තවම එන්නත්කරණයට ලක් නොවූ තරුණ හා යොවුන් ප්‍රජාව තුළ නව කොරෝනා වෛරස් ආසාදනය නිසා නිසා රෝහල් ගත වීම ප්‍රතිශතයක් විදිහට ඉහල යෑමක් දක්නට ලැබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් එක්සත් ජනපදයේ කෝවිඩ් නිසා රෝහල් ගතවීම් විශ්ලේෂණය කර බැලීමේ දී, එන්නත්කරණයට ලක් වූ මිලියනයක් දෙනා අතරින් හතළිස් පස් දෙනෙක් රෝහල් ගත වන විට, එන්නත්කරනය නොවූ මිලියනයක් දෙනා අතරින් 836 දෙනකුට තත්වය අසාධ්‍ය වීම නිසා රෝහල්වලට ඇතුල්වන්නට සිදු වී තිබෙනවා.
මේ වනවිට වසංගතයේ ගෝලීය හැසිරීම විමසා බැලුවාම අපිට උගත ගතහැකි පාඩම් කිහිපයක් තිබෙනවා.

1. වෛරසයක් නිතරම විකෘතීන් ට ලක්වෙනවා. කවදා හෝ ඩෙල්ටා ප්‍රභේදයට වඩා හානිකර ප්‍රභේදයක් ඇති වේද? එය කවදා කෙබඳු ප්‍රජාවක් තුළ ඇති වේවි ද යන්න අපිට කල්තියා කීමට නොහැකියි. එබඳු ප්‍රභේද ඇතිවීම වගේම පැතිරීම පාලනයටත් අපේ චර්යාමය සාධක තදින්ම බලපානවා.

2. එන්නත්කරණයෙන් ඉහළ තැනක සිටින රටවල් පවා ආසාදිතයන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමත් ඇතැම් විට අත් විඳිනවා. රෝගීන් සංඛ්‍යාව පහළ යෑමත් සමග රටක ප්‍රජාව රෝගය පැතිර යන අවස්ථා ගැන දක්වන නොසැලකිල්ල මේ සඳහා ප්‍රධාන හේතුවක් වනවා.

3. එන්නත්කරණයෙන් ඉහළ මට්ටමක පවතින රටවල් වල ඇති වන කොවිඩ් රැල්ලක දී එන්න කරණය නොවූ ප්‍රඡාව, සාපේක්ෂව වඩාත් දරුණු ලෙස පීඩාවට ලක් වන බව සංඛ්‍යාත්මකව පැහැදිලි ලෙස පෙනී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වාතාවරණය පෙරට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින මේ අවස්ථාවේ දී, එම තත්වය තව කෙතරම් කාලයක් පවතී දැයි තීරණය වන්නේ රටෙහි ජනතාවගේ හැසිරීම් රටාව මතයි. යම් හෙයකින් අප සම්පූර්ණයෙන් ආරක්ෂිත යැයි වැරදි හැඟීමක් මත ආරක්ෂක පිළිවෙත් පසෙකලා කටයුතු කළහොත් ඇතිවන තත්ත්වය අනෙකුත් රටවල වු සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ.

කෝවිඩ් රෝගය ප්‍රත්‍යක්ෂ ලෙස සුවකළ හැකි බවට විද්‍යාත්මකව සනාථ කළ ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැහැ. තරමක් දුරට සාර්ථක විය හැකි යැයි සිතිය හැකි ඇතැම් ඖෂධ පර්යේෂණ මට්ටමේ පවතින අතර, ප්‍රත්‍යක්ෂයෙන් නිට්ටාවටම සුව දේ යැයි කියන ඖෂධවල සාර්ථකත්වය කට කතාවලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මරණ යම් ප්‍රමාණයකින් අඩු කලහැකි බවට මූලික මට්ටමේ විද්‍යාත්මක සාධක මඟින් තහවුරු වූ ඖෂධ කිහිපයක් අසාධ්‍ය රෝගීන් අතර පමණක් භාවිතයට මේ වන විට අනුමත කොට තිබෙනවා.

සාර්ථක එන්නත් කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සරම්ප, පෝලියෝ වැනි රෝග තත්ත්වයන් සහමුලින්ම තුරන් කළ ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවල ඉහලින් පවතින රටක්. නිවැරදි තීරණ තුළින් එවැනි වු ජයග්‍රහණයන් රටට ලබා දෙන්නට උරදුන් ජනතාව, එන්නත් කරණය තුලින් හා ඉන්පසුව ද නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම තුළින් කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ දී තමන්වෙත පැවරෙන වගකීමත් නොපිරිහෙළා ඉටු කරනු ඇති බව කරන බව අපට විශ්වාසයි.

Health Promotion Bureau

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us