පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි වැටුප් ඉහළට !

Published in පුවත්
Monday, 04 October 2021 12:08

පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි නියුතු ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 දක්වා වැඩි කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බවයි.

මෙතෙක් පෞද්ගලික ආරක්ෂක අංශ අවම වැටුප පැවතියේ රුපියල් 10,500 ක් ලෙසයි.

ජාතික අවම වේතන සංශෝධනය අනුව අවම වේතනය රුපියල් 12,500 සහ අයවැය සහන දීමනා රුපියල් 3500 එක්වීම සමග පෞද්ගලික අංශයේ අවම වේතනය රුපියල් 16,000 දක්වා වැඩිවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එසේම පඩිපාලක සභා නීතියට අනුව පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෛනික සේවා කාලය කෑම පැය සමග පැය නවයක් වනු ඇති.

ඉන් ඔබ්බෙහි සේවය ලබා ගන්නේ නම් ඊට අතිකාල ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කලා.

පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කරන බහුතරයක් දෙනා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් බවත්, ඔවුන්ට වෛද්‍ය හෝ අනියම් නිවාඩු නොලැබෙන බවත් සඳහන්.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ පවත්නා නීතිවලට අනුකූලව අදාල නිවාඩු ද මෙම සේවකයන්ට හිමිවන බවයි.

මෙම සම්මත නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට පැමිණිලි කිරීමටද හැකියාව පවතිනවා.

මෙම වැටුප් වැඩි කිරීමට අදාල යම් හිග වැටුපක් ගෙවීමට ඇත්නම් ඒ සඳහා එම ආරක්ෂක සමාගම්වලට සහන කාලයක් ලබාදීමට තීරණය වී තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us