ස.ජ.බ ය දෙකඩ වී ඇති බව හෙළි වේ !

Published in පුවත්
Monday, 04 October 2021 09:10

සමගි ජන බලවේගය පක්ෂය තුළ යම් ප්‍රශ්න ඇති බවත් තීන්දු ගැනීමේ දී තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ වනවිට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් පහකට බෙදී වෙන් වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ පිළිබද තොරතුරු ජාතික පුවත්පතක ද අද සදහන් වූ අතර වෙබ් අඩවි කීපයකම තොරතුරු පළව තිබුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සමීපව කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ සුලු ජාතික පක්ෂවල නායකයින් සිය දේශපාලන පක්ෂවල කටයුතු වෙන වෙනම සිදුකරන බවත් දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා.

බදුල්ල දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි සහ රවීන්ද්‍ර සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරත් රත්නපුර දිස්ත්‍රික් නායකත්වය පිළිබද තලතා අතුකෝරල සහ හේෂා විතානගේ මන්ත්‍රීවරුන් අතරත් ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සමග වෙනම කටයුතු කරන බවත් දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරනවා. මේ අතර තවත් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

-ITN

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us