අපේක්ෂා රෝහලේ දරුවන්ට අද සිට එන්නත්කරණය !

Published in පුවත්
Monday, 04 October 2021 09:04

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

මේ අතර වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස් ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

"විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත්කරණය මේ වනවිට සිදුකෙරෙනවා. ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා ඒ එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කරනවා කියලා. ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා මේ සතියේ ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි, කෙසේද එම එන්නත්කරණය කරන්නේ කියලා. දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15වනදා වෙනකම් ජනතාවට ඒකරාශීවීමට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඔක්තෝබර් 15න් පස්සේ ඒ තත්ත්වය මගහැරීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා," යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us