සියලුම සරසවි සිසුන්ට 7- 8 දිනවලදී එන්නත !

Published in පුවත්
Monday, 04 October 2021 08:52

විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. කිසිදු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කර තිබේ.

එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටින අතර අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගේ කමිටුව සමග ද සභාපතිවරයා මේ වන විට සාකච්ඡා කර තිබේන බවයි වාර්තා වන්නේ.

මේ අතර සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, සිසුන් 100ට අඩු පාසල්වල සියළුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් අතර ඊයේ පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව යටිතල පහසුකම් සැපයීම පිළිබදව ආණ්ඩුකාරවරුන් විශේෂ අවදානයක් ද එම සාකච්ඡාවේදී යොමු කර තිබෙන බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Last modified on Monday, 04 October 2021 08:55

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us