ආණ්ඩුව ජනතාව ජීවත් කරවීමේ වගකීම පළමු කොට සලකනවා -කෙහෙළිය

Published in පුවත්
Tuesday, 05 October 2021 09:59

ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාව ජීවත් කරවීමේ වගකීම ප්‍රමුඛතාවය තබා ගනිමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.

එන්නත්කරණය තුළින් ලෝකයේ ධනවත් රටවල් 4ටත් එහා ගිය ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබීම සතුටුදායක තත්වයක් බවයි මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

කෙරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට ඉදිරි මාස කිහිපය තුල හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් ඉතා දැඩිව විශ්වාස කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ රට විවෘත කිරීමෙන් පසු ගත වන සති කිහිපය සලකා බැලීමෙන් බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ වත්මන් තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහල ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us