අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර්වලට නිදහස දෙන්න රේගුව නීතිපති උපදෙස් පතයි

Published in පුවත්
Monday, 27 September 2021 18:15

රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

ආනයන සහ අපනයන පාලකවරයා විසින් තහනම් කරන ලද භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රැසක් රේගුව බාරයේ ඇති බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවායෙන් ඇතැම් කන්ටේනර් සම්බන්ධයෙන් ආනයනකරුවන් නඩු ගොනුකර ඇති බැවින් නිදහස් කිරීමට නීතිමය බලපෑමක් ඇති බව සඳහන් කළේය.

මෙම කන්ටේනර්වල ආනයනකරුවන් රජය, ආනයන සහ අපනයන පාලකවරයා සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් නඩු කීපයක් පවරා ඇති බවත් ඒ හේතුවෙන් ඒවා නිදහස් කරන්නේ නම් නීතිවතිපවරයාගේ උපදෙස් ලබාගැනීම රාජ්‍ය ආයතනයක් ලෙස රේගු දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කීය.

රේගු බාරයේ තිබෙන කන්ටේනර්වලින් සියයට 90 කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය තහනම් කිරීමෙන් පසුව වරායට ළගාවූ සීනි කන්ටේනර් බව කී රේගු දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරියකු ඒවා ආනයනය කළ සමාගම් පහකින් හෝ හයකින් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතැයි කියන කන්ටේනර් 800 ප්‍රමාණය වරාය අධිකාරිය සහ සෙසු පෞද්ගලික පර්යන්ථ සමාගම් දෙක සතුව ඇති බවත් එම කන්ටේනර්වලින් වැඩි සංඛ්‍යාවක් සිරවී තිබීමට හේතුව ඩොලර් හිඟය බවත් එම නිලධාරියා කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු පැවසුවේ වරාය අධිකාරිය සහ පෞද්ගලික පර්යන්ථ සමාගම් දෙක සතුව සීනි කන්ටේනර් 500 කට අධික සංඛ්‍යාවක් සීනි ආනයනය තහනම් කළ නිසා නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් සෙසු කන්ටේනර් නිදහස් නොකිරීමට රටේ වර්තමාන ඩොලර් හිඟය බලපා ඇති බවත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us