රටට එරෙහි කිසිඳු කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ - ජී. එල්.  

Published in පුවත්
Monday, 27 September 2021 18:20

රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා කොලඹදී අද (27) පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් රටට හිමිව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා මෙසේද කීය.

"කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතවු සියලුම අභියෝග මධ්‍යයේ අපේ රටේ සංවර්ධනය හා සංහිඳියාව සම්න්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ලබාගත් ප්‍රගතිය පිළීබඳ සවිස්ථර කරුණු අපි මානව හිමිකම් කවුන්සිලයට අඛණ්ඩව ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපේ රජය පැහැදිලි කැපවීමක් තිබෙනවා. අපි මේ සියල්ල කරන්නේ එක කොන්දේසියකට යටත්වයි. අපේ රටේ ගැටලු විසඳිම සම්න්ධයෙන් වගකීම පැවරෙන්නේ අපේ රටේ දේශීය ආයතනවලටයි. ශ්‍රි ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන් අපේ රටේ සංස්කෘතියට අනුකූලව තමයි මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ඒ කාර්ය භාර්ය විදේශීය ආයතනවලට පැවරීමට අපි එකඟවන්නේ නෑ. ඒක අපේ රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිය හා සම්ප්‍රදායට අනුකූලව සියලුම රටවල් වලට උස් පහත් භේදයකින් තොරව සමානතාවයෙන් සැලකිය යුතුයි. ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට පමණක් සීමා වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ. අපේ රටට විරුද්ධ සාක්ෂි රැස් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා අපේ රට ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යාමට පදනමක් සකස් කිරීමට අපි එකඟ වන්නේ නැහැ.

අපේ රටට විරුද්ධව සාක්ෂි ලබා ගන්නේ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් තොරවයි. මේ සාක්ෂි ලබා දෙන අයගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. එම නිසා මේ සම්පූර්ණ ක්‍රියාදාමය ස්වභාවික යුක්තියට පටහැනියි. ඒ නිසා අපි කිසිසේත් මේවා පිළිගන්නේ නැහැ.

අපේ රටට වැදගත් රටවල් සමග අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදු කළා.

මේ සියලු සාකච්ඡාවල හුදු ප්‍රතිඵලය තමයි අනාගතයේ මේ රටට මුහුණ දෙන්න තිබෙන අභියෝගවලට ඒ රටවල් සහයෝගය ලබා දෙන බවට වන යහපත් ප්‍රතිචාරය අපට ලැබුණා.

lankadeepa

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us