රට විවෘත කරන හැටි හමුදාපති කියයි !

Published in පුවත්
Monday, 27 September 2021 17:38

ඔක්තෝබර් මස 01 වැනිදා අලුයම හතරට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා සදහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුවන බවයි.

ඒ අනුව රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය යනාදි අංශ ඉලක්ක කර මෙම සැලසුම් සකස් කෙරෙන බවත් එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරෙනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
රට විවෘත කළ පසු ජනතාවට සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් හමුදාපතිවරයා පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us