ශ්‍රීලංකාවට පුර්ණ සහය ලබා දෙනවා - ජගත් මහලේකම්

Published in පුවත්
Tuesday, 21 September 2021 09:36

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා.

ජගත් මහ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කළේ.

නොවැම්බර් මස අවසන් වීමට පෙර මෙරට වයස අවුරුදු පහලවට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කරන බව ද ජනාධිපතිතුමා ජගත් මහ ලේකම්වරයා හමුවේ කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උණුසුම් අයුරින් පිළිගැනීමට ජගත් මහ ලේකම්වරයා කටයුතු කළා. 1978 වසරේ දී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කළ සංචාරය පිළිබද සුන්දර මතකයන් අවදි කිරීමට ද අන්තෝනියෝ ගුටරේස් මහතා කටයුතු කළා.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහ කොමසාරිස්වරයා ලෙස 2006 වසරේ දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබදවද ගුටරේස් මහතා සිහිපත් කළා. ලෝකය මුහුණ දී සිටින අසීරු කාල පරිච්ඡේදයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම සහ දෙවන වරටත් මහ ලේකම් තනතුරට පත්වීම සම්බන්ධයෙන් තම සුභාශිංසන එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහීදි කියා සිටියා.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබදවද ජනාධිපතිතුමා මෙහිදී දැනුවත් කළා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහයෝගය ද ජනාධිපතිතුමාගේ ඇගයුමට ලක් වුණා.

මෙරට සමස්ත ජන ගහනයෙන් අඩකට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොවැම්බර් මස අවසන් වීමට පෙර වයස අවුරුදු 15 ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද කියා සිටියා.

එන්නත්කරණයේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් වුණා. වසර තිහකට වැඩි කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු කර ඇති සුවිසාල සංවර්ධන කාර්යයන් පිළිබදව ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද ගත යුතු පියවර හැකි ඉක්මනින් ගන්නා බව සදහන් කළ රාජපක්ෂ මැතිතුමා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බවද කියා සිටියා.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධව සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමන් බලයට පැමිණීමෙන් පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නිදහස් කළ නොහැකි පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවද කියා සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බව කී ජනාධිපතිතුමා උද්ඝෝෂණ ආදිය මැඩලීමට පෙරදී මෙන් බැටන් ප්‍රහාර,ජල ප්‍රහාර ආදිය එල්ල කිරීම තම රජය යටතේ සිදු නොවන බව ද පෙන්වා දුන්නා.

රටේ අභ්‍යන්තර ගැටලු රට තුළ ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මගින් විසදාගත යුතු බවත් ඒ සදහා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සදහා ඇරයුම් කරන බවත් ජනාධිපතිතුමා කියා සිටියා.

-අයි.ටි.එන්

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us