ට්‍රම්ප් කොරෝනාවට ලබා ගත් බෙහෙත ලංකාවට !

Published in පුවත්
Wednesday, 01 September 2021 10:46

කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන ‘රීජන් කොව්’ මෙරටට ගෙන්වීමට ඊයේ (31 වැනිදා) අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඖෂධ පිළිබඳ විද්වත් කමිටුව රැස් වී ඊට අවසර ලබා දුන් අතර එක් ඖෂධයක මිල රුපියල් ලක්ෂය ඉක්මවන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඇමරිකාවේ නිෂ්පාදනයක් වන මෙම ඖෂධය එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද කොවිඩ් අසාදනය වූ විට ලබා දුන් බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ඖෂධයක් ඇමරිකාවේ මිල ඩොලර් 4000ක් වන අතර ආසියානු රටවලට අඩු මිලකට ලබා දීමට නිෂ්පාදිත සමාගම එකඟ වී තිබේ.

මෙම ඖෂධය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජුනි මස 23 වැනිදා අනුමැතිය ලබා දී 26 වැනිදා අවලංගු කරන ලදී. මෙම ඖෂධය ලබා දීමෙන් කොවිඩ් ආසාදිතයන් රැසකගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි බව වෛද්‍යවරු පවසයි. අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් මෙය ලබා දීමට නියමිතය.

මේ අතර ටොසිලිසුමාබ්’ එන්නත ඉදිරි දෙසතිය ඇතුළතදී එන්නත් 600ක් මෙරටට ලැබීමට නියමිත බව එම එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පෞද්ගලික සමාගම දැනුම් දී ඇත. එම එන්නත කොවිඩ් නිව්මෝනියා මෙන්ම අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබාදෙන අතර මෙම එන්නත වෙනත් රටවලින් ලබාගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කළ උත්සාහයක්ද ව්‍යාර්ථ වී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us